Local

හදිසියේ විදෙස් ගමන් බලපත්‍රය අවශ්‍ය නම් කළ යුතු දේ

Monday, 04 November 2024 - 7:44 pm

යම් අයෙකුට හදිසියේ විදෙස්ගමන් බලපත්‍රය ලබා ගැනීමේ අවශ්‍යතාවය පවතින්නේ නම් ඒ සඳහා එම සනාථ කළ හැකි ලිපි ලේඛන රැගෙන පැමිණිය හැකි බව ආගමන විගමන පාලක ජනරාල් (වැඩබලන) ඩී.එම්.ඩී. නිලූෂා බාලසූරිය මහත්මිය පැවසුවාය.

අද (04) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඇය පැවසුවේ ඒ සඳහා කටයුතු කිරීමට ස්වාධින කමිටුවක්ද ආගමන විගමන දෙපාර්තමේන්තුව තුළ ස්ථාපිත කර ඇති බවය.

'ඇත්තෙන්ම හදිසි අයෙකුට විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ අවශ්‍යතාවට තිබුණාත් මේ ක්‍රමවේදය හරහා ගිහින් දිනයක් ලබා ගැනීම සිදුකළ යුතුයි. ඒ දිනය ලබා ගන්නකොට තමයි එයාට තහවුරු කරන්න පුළුවන් වෙන්නේ මම දිනයක් ලබා ගත්තා නමුත් ඊට කළින් මට විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමේ අවශ්‍යතාවට තියෙනවා කියලා. එහිදී ඔහුට දැඩි අවශ්‍යතාවට සනාථ කරන්න පුළුවන් ලියකිවිලිත් අරගෙන අපේ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන්න පුළුවන්. 

අපි මේ වෙනකොටත් ඒ වෙනුවෙන් ස්වාධීන කමිටුවක් ස්ථාපිත කරලා තියෙනවා. ඒ කමිටුව හමුවට ඔහගේ අවශ්‍යතාවය සනාථ කරන්න පුලුවන් ලිපි ලේඛන රැගෙන පැමිණෙන් කියලා අපි කියනවා. එහිදී ඔහුට යම් ආකාරයේ සහනයක් ලබා ගන්න පුළුවන්. හැබැයි ඒ වගේම අපි අවධාරණය කරනවා රාජ්‍ය දෙපාර්තමේන්තුවක් විදිහට යම් ආකාරයේ ව්‍යාජ ලේඛන, කූඨ ආකාරයෙන් සැකසූ ලේඛන ඒ අවස්ථාවේදී ඉදිරිපත් කළොත්  ඒ සම්බන්ධව අපි නීත්‍යානුකූලව කටයුතු කරන්න නොපමාවම සූදානමින් සිටිනවා. '

මේ අතර විදෙස්ගමන් බලපත්‍ර 50,000ක තොගයක් ඔවුන් වෙත ලැබූණු බවත් ඉන් 33,000ක පමණ ප්‍රමාණයක් මේ වනවිට ඉතිරිවී ඇති බවත් වැඩබලන ආගමන විගමන පාලක ජනරාල්වරිය සඳහන් කළාය.

එමෙන්ම ඇය සඳහන් කළේ, ප්‍රධාන කාර්යාලයෙන් හා දිවයිනේ ඇති ප්‍රාදේශීය කාර්යාලවලින් දිනකට එක්දින සේවාව ඔස්සේ විදෙස්ගමන් බලපත්‍ර 1200ක ප්‍රමාණයක් නිකුත්කළ හැකි බවය.

පවතින තත්ත්වය ඉක්මනින් සමනයට පත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT