Local

අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ලේකම් තිලකා ජයසුන්දර

Wednesday, 03 April 2024 - 8:17 am

අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස තිලකා ජයසුන්දර පත් කර ඇති අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ දී (02) ඇය සිය ධුරයේ වැඩ ආරම්භ කළාය.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක් වන තිලකා ජයසුන්දර මහත්මිය 2021 වර්ෂයේ දී රාජ්‍ය කාර්ය සාධනය හා කළමනාකරණය වෙනුවෙන් පොදුරාජ්‍ය මණ්ඩලයීය විශිෂ්ටතා සම්මානලාභිනියකි. මීට පෙර ඇය කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කරමින් සිටි‍ අතර යෞවන හා ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ සුළු අපනයන බෝග සංවර්ධන හා අපනයන ප්‍රවර්ධනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක් වශයෙන් ද, මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස ද ඒ හා සමගාමීව එම කාල පරිච්ඡේදයේ ස්වාධීන රූපවාහිනී ජාලයේ (ITN) ප්‍රථම කාන්තා සභාපතිනිය ලෙස ද කටයුතු කර ඇත. එමෙන්ම මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සංවර්ධන හා සැලසුම් අංශයේ අතිරේක ලේකම්වරියක් ලෙස ද ඇය කටයුතු කර ඇත.‍‍‍ ජයසුන්දර මහත්මිය ජපානයේ ටෝකියෝහි ආසියානු ඵලදායිතා සංවිධානයේ හිටපු කර්මාන්ත අධ්‍යක්ෂවරියක් ලෙස කටයුතු කළ අතර, ආසියානු ඵලදායිතා සංවිධානයේ ශ්‍රී ලංකාවේ ප්‍රධානියා ලෙස ද ඇය වසර 10කට අධික කාලයක් පුරා කටයුතු කර තිබේ. වසර 56ක ඉතිහාසයේ එම සංවිධානයේ සිටි එකම කාන්තා නිලධාරිනිය වූයේ ද ඇයයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධියක් (BSC) සහ ව්‍යාපාර කළමනාකරණපති උපාධියක් ද ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයෙන් තොරතුරු තාක්ෂණ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් PGDIT (SLIIT) ද ලබා සිටින තිලකා ජයසුන්දර මහත්මිය ඵලදායිතා ප්‍රවර්ධන ක්ෂේත්‍රයේ සහ ව්‍යාපෘති කළමනාකරණය, රාජ්‍ය ප්‍රතිපත්ති, පරිපාලන, මානව සම්පත් කළමනාකරණය, සැලසුම් සහ අධීක්ෂණය, උපායමාර්ගික කළමනාකරණය, නායකත්වය, ඇතුළු ක්ෂේත්‍ර රැසක අත්දැකීම් රැසක් ඇති නිලධාරිනියකි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT