Local

ආසියාවේ දියුණුම රට බවට පත්කරනවා - නාමල්

Sunday, 15 September 2024 - 10:06 am

පක්ෂ මාරු කරන දේශපාලන ක්‍රමය අහෝසි කිරීම සඳහා නීති සකස් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අම්පාර ප්‍රදේශයේ අද පස්වරුවේ පැවති ආසන රැස්වීමකදීය. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා,

'අද මේ පිල්මාරුව ගැන බොහෝ අය කථා කරනවා. නායකයෝ ඉන්න පැති හොයාගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මා එක්ක අමනාප වෙන එකක් නැහැ සැලුන්දොර සම්බන්ධයෙන්. ඒ සැලුන්දොර අරින්නද? වහන්නද ? ඒකට අපි නීති සම්පාදනය කරනවා.  කිසිම දේශපාලන පක්ෂයකට පක්ෂ මාරු කරන දේශපාලනයට තිත තියන්න අවශ්‍ය නීති සම්පාදනය කරන්න මම පිහිටුවන ආණ්ඩුවකින් කටයුතු කරනවා කියන එක ඔබට කියනවා. මම වගකීමෙන් කියන්නේ එදා නැවතුණු සංවර්ධනය තුන් ගුණයකින් ඉදිරියට යනවා විතරක් නෙමෙයි ආසියාවේ දියුණුම රට බවට පත්කරනවා.'


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT