රාජ්‍ය ආයතන විකුණන්න
සල්ලි අච්චු ගහන්න
පෞද්ගලික තැන්පතු ගන්න
“එතකොට එහෙනම් අපට අනිවාර්යයෙන් සිද්ධ වෙන දේ තමයි මේ තියෙන රාජ්‍ය ව්‍යාපාර, ආයතන, දැන් ඔය වෙන්දේසි කරල වගේ විකුණන්න දාල තියෙන ඒව විකුණන්න දාන්න. ඒක එක උත්තරයක්. නැතිනම් සල්ලි අච්චු ගහන්න වෙනවා. නැතිනම් බැංකුවල තියෙන සල්ලි, තැන්පත්කරුවන්ගේ ඒවා ආණ්ඩුවට ගන්න වෙනවා වියදම් කරන්න. ඔය උත්තර තුන තමයි තියෙන්නේ මම දන්න ඉගෙනගත් දේ අනුව.“ යැයි ජාතික ජන බලවේගයේ ආර්ථික සභාවේ සාමාජික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසා ඇත.
සංවාදයකදී සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් කළ එම ප්‍රකාශය ජාතික රූපවාහිනිය මඟින් පසුගියදා විකාශය කර තිබිණි.