Local

මැතිවරණ සමයේ සමාජ මාධ්‍ය හැසිරීම ගැන තීරණයක්

Friday, 09 August 2024 - 2:32 pm

ජනාධිපතිවරණයේ නාමයෝජනා භාරගන්නා දිනයේ දී මැතිවරණ කොමිසමේ ආරක්ෂාව සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේදී සාකච්ඡාවක් පවත්වා තිබේ. 

ඒ, කොළඹ දිස්ත්‍රික්කයේ ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතරය.

මේ අතර මැතිවරණ නීති හා මාධ්‍ය උපමාන බලාත්මක කිරීම පිළිබඳ වැඩමුළුවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (09) පෙරවරුවේ පැවැත්වුණි.

මෙහිදි අදහස් දක්වමින් මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් (මැතිවරණ ආරවුල් නිරාකරණ) පියුමි ආටිගල මහත්මිය පවසන්නේ මේ වනවිට සමාජ මාධ්‍ය සම්බන්ධව පැමිණිලි රැසක් ලැබී ඇති බවත් මේ හේතුවෙන් මැතිවරණ කාල සීමාවේදී විශේෂ අවධානයක් සමාජ මාධ්‍ය සඳහා ‍යොමු කර ඇති බවය.

'අපි විශේෂ අවධානයක් ඉන්ස්ටග්‍රෑම් සහ ටික්ටොක් කියන සමාජ මාධ්‍යවලට යොමු කරලා තියනවා. අපි ඒ ආයතන සමග සෘජුව සම්බන්ධ වෙලා තියනවා. සමාජ මාධ්‍ය නියාමනයේදී අපි විසින් නිකුත් කරන උපදෙස් සහ නියෝගවලට අනුකූල නොවෙනවා නම් ඒ ගොල්ලන්ගෙන් සම්මුතීන්වලින් ඔබ්බට ගිහිල්ලා අපිට සහයෝගය දක්වන්න ඒ ගොල්ලෝ කැමැත්ත පළ කරලා තියනවා.'


Top Stories
wedivistara

රන් මිල පහළට

wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

කෙහෙළියගේ දියණිය බන්ධනාගාර භාරයෙන් මුදා හැරේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

හදිසි පරික්ෂාවකින් පසු, ධාවනයට නුසුදුසු වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට

Trending
wedivistara

ඊශ්‍රායලයේ සිටින ඥාතීන් ගැන තොරතුරු විමසීම ගැන දැනුම්දීමක්

wedivistara

IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකාව අද දිවයිනට

wedivistara

තමිල්නාඩු - කන්කසන්තුරේ මගී ප්‍රවාහන බෝට්ටු සේවය තාවකාලිකව නවතී

wedivistara

ප්‍රංශ තානාපති ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවෙයි

wedivistara

ඊශ්‍රායලය සහ ඉරානය අතර ඉක්මනින් සාමය ඇති කරගනු ඇති බව අමරිකානු ජනාධිපති ට්‍රම්ප් කියයි

wedivistara

ඉරාන ඇමරිකා හෙට සාකච්ඡාව ගැන තවමත් අවසන් තීරණයක් නැහැ


NEWS ALERT