Local

ජනපති කොළඹ නගරයේ වෙසක් වැඩසටහන් කිහිපයකට එක් වෙයි

Saturday, 25 May 2024 - 8:16 am

වෙසක් සිරියෙන් රටම ඒකාලෝක වෙද්දි ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළඹ නගරයේ පැවති වෙසක් වැඩසටහන් රැසකට (23) එක් විය.

කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙසක් උත්සවය වෙනුවෙන් සංවිධානය කරන ‘බුද්ධ රශ්මි’ වෙසක් කලාපය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් (23) ආරම්භ කෙරිණි.

ගංගාරම විහාරස්ථානයේ සීමා මාලකය වෙත පැමිණි ජනාධිපතිවරයා බුදුපිළිම වහන්සේ වෙත මල් පූජා කර ආගමික වතාවත්වල නිරත විය.ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමින් වහන්සේ එහිදී ආගමික වතාවත් සිදු කොට ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ.

අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විදුලි ආලෝකය දල්වා “බුද්ධ රශ්මි වෙසක් කලාපය” විවෘත කළේය.

විදෙස් තානාපතිවරු, මහ කොමසාරිස්වරු ඇතුළු දෙස් විදෙස් ආරාධිත විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටී අතර ජනාධිපතිවරයා ඔවුන් සමඟ ද සුහද කතා බහකට එක් විය.

බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍ය වෙනුවෙන් කොළඹ ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමය එක්ව ගාලු මුවදොර ෂැංග්‍රිලා හරිත භූමියේ සහ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ මැයි 23,24,25 සහ 26 දිනයන්හි දී වෙසක් තොරණ, වෙසක් කූඩු ප්‍රදර්ශනය, බොදු බැති ගී, වෙසක් දන්සල්, තොවිල් සහ දෙවොල්මඩු ශාන්තිකර්ම, මල් පෙරහර, සතිමත්භාවය වැඩසටහන, විරිදු ගායනා, විදුලි පහන් අලංකරණය ඇතුළු සංස්කෘතිකාංග රැසක් සංවිධානය කර තිබේ.

එම වෙසක් වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් විදුලි පහන් ආලෝකය දැල්වීම ජනාධිපති ලේකම් සමන් ඒකනායක අතින් සිදු වූ අතර අනතුරුව ජනාධිපති කාර්යාලයීය පියගැටපෙළ ඉස්මත්තේ දී විචිත්‍රවත් භක්ති ගීත ප්‍රසංගය ආරම්භ කෙරිණි.

මේ හා සමගාමීව ෂැංග්‍රිලා හරිත භූමියේ ආරම්භ කෙරුණු මහා බත් දන්සැල විවෘත කෙරුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතිනි.
මේ අතර පෑලියගොඩ ප්‍රජා සංවර්ධන පදනම, පෑලියගොඩ නගර සභාව සහ වෙළෙඳ ප්‍රජාව එක්ව ප්‍රථම වරට සංවිධානය කර තිබූ වෙසක් කලාපය විවෘත කිරීමට ද (23) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක් විය.

පූජ්‍ය බෙංගමුවේ නාලක අනුනායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි පූජ්‍ය කොටපොල මංගල ස්වාමින් වහන්සේගේ සහ පූජ්‍ය වෙළඟේපොල ධම්මික ස්වාමින් වහන්සේගේ මගපෙන්වීමෙන් මැයි 23,24 සහ 25 යන දිනයන්හි දී සංවිධානය කර තිබෙන මෙම වෙසක් කලාපය වෙසක් පහන් කූඩු තරගයක්, භක්ති ගීත ප්‍රසංගයක් හා නාට්‍ය සංදර්ශනයක් මෙන්ම බත් දන්සැලක් ඇතුළු විවිධාංග රැසකින් සමන්විතය.

විදුලි පහන් ආලෝකය දල්වා වෙසක් කලාපය විවෘත කළ ජනාධිපතිවරයා වෙසක් කලාපය වෙත පැමිණ සිටි ජනතාවගේ ද තොරතුරු විමසමින් සුහද කථා බහක නිරත විය.

රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණවීර, සිසිර ජයකොඩි ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර මරදාන – සුදුවැල්ල එක්සත් බෞද්ධ සංගමය මඟින් වෙසක් උත්සවය නිමිත්තෙන් සංවිධානය කරනු ලැබූ වෙසක් කලාපය සහ දර්ශනීය වෙසක් තොරණ (23) පස්වරුවේ විවෘත කෙරුණේද ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතිනි.

ශ්‍රි ධර්මාලෝක දයා මහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය යටිහේන සද්ධාලෝක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි හිටපු නාගරික මන්ත්‍රි කිත්සිරි රාජපක්ෂගේ සංකල්පයකට අනුව සංවිධානය කර තිබූ මෙම වෙසක් කලාපය විශේෂාංග රැසකින් සමන්විත අතර මණිකාර කුලුපගතිස්ස ජාතික කතාව රැගත් දර්ශනීය වෙසක් මහා තොරණ මරාදන මන්සන්ධියේ දී මැයි 27 වනදා දක්වා ප්‍රදර්ශනය කෙරේ.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහ දේශපාලන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරින් ඇතුළු පිරිසක් ජනාධිපතිවරයා සමඟ මෙම අවස්ථාවන්ට එක්ව සිටියහ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT