Local

තරුණ අපේක්ෂකයෙකු වශයෙන් රටේ සංස්කෘතිය ආරක්ෂා කරනවා - නාමල් රාජපක්ෂ

Sunday, 18 August 2024 - 12:23 pm

මෙවර ජනාධිපතිවරණයේදී තරුණ අපේක්ෂකයෙකු ලෙස මෙරට සංස්කෘතිය ආරක්ෂා කිරීම තම ප්‍රධාන වගකීමක් බව ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා. ඔහු මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද (17) පෙරවරුවේ මහනුවරට පැමිණි අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහනුවර ශ්‍රි දළදා මාළිගාවට ගොස් දළදා සමිදුන් වැද ආශිර්වාද ලබා ගත්තා. ඔවුන් මල්වතු මහා විහාරයට ගොස් මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවවේ ශ්‍රී සුමංගල නා හිමියන් බැහැ දුටුවා. අනතුරුව අස්ගිරි විහාරයට ගිය මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නා හිමියන් බැහැ දුටුවා. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් ක්‍රියාකාරී හමුවක්ද ඊයේ පස්වරුවේ එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් මහනුවර - අම්පිටිය ප්‍රදේශයේදී පැවැත්වුණා.


Top Stories
wedivistara

පොලිසියට 5,000ක් බඳවා ගන්න අනුමැතිය

wedivistara

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ජනපතිගෙන් පූර්ණ සහයෝගය

wedivistara

දහම් පාසල් ගුරුවරුන්ට ලබන වසරේ සිට දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවේ

wedivistara

සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට එම්.බී.එන්.ඒ. ප්‍රේමරත්න පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

ගොවි විශ්‍රාම වැටුප් ගැටලුවලට විසඳුම් ලබාදෙයි

wedivistara

භාතිය හස්තියාගේ යම් ප්‍රගතියක් පෙන්නුම් කරනවා - පශු වෛද්‍ය තරිඳු විජේකෝන්

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

wedivistara

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අක්‍රමිකතා සෙවීමට විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

උසස් පෙළ ඉහළින් සමත් සිසුන්ට, පළමු උපාධිය විදෙස් සරසවියක හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට කැබිනට් අනුමැතිය

wedivistara

පාපන්දු ක්‍රීඩක Diogo Jota රිය අනතුරකින් මරුට


NEWS ALERT