Local

පොලිස් කූඩුවේ සිටි අයට වස මිශ්‍ර කිරි දුන් පුද්ගලයා හඳුනාගනී

Friday, 09 February 2024 - 9:57 am

ආදුරුප්පුවීදිය ජින්තුපිටිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකට සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත සිටි ප්‍රධාන සැකකරුට හා ඔත්තු දුන් පුද්ගලයාට පොලිසියේ සිර මැදිරියේ රඳවා සිටියදී උග්‍ර වස වර්ගයක් මිශ්‍ර කර කිරි තේ දුන් ආගන්තුක පුද්ගලයා සීසීටීවී දර්ශන මඟින් නිශ්චිත ලෙස හඳුනාගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

එම කිරි තේ පානය කිරීමෙන් අනතුරුව රෝගි බවට පත් වූයේ සේරුනුවර පදිංචි චමිඳු දර්ශන (27) හා ඔත්තු බැලූ බව කියන කොළඹ දහතුන පදිංචි ලක්ෂිත ප්‍රනාන්දු (29) දෙදෙනායි.

එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන විශේෂ පොලිස්‌ කණ්ඩායමක් මගින් සීසීටීවී දර්ශනවල සිටින පුද්ගලයා සහ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන්ගේ ඡායාරූප එකිනෙක සැසඳීමෙන් අනතුරුව එම සැකකරු හඳුනාගෙන තිබූ බව උසස් පොලිස් නිලධාරියා කීය. මඳ වේලාවකදී එක් සැකකරුවකු කිරි පැකට්ටුවක් පානය කිරීමත් සමඟ සිරමැදිරිය තුළ එක්වරම සිහිසුන්ව ඇද වැටී ඇති අතර, සුළු වේලාවක් ගත වීමත් සමගම අනෙක් සැකකරුද ඒ අයුරින්ම සිරමැදිය තුළ ඇද වැටීමත් සමග වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් සැකකරුවන් දෙදෙනා කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර, ඔවුන් දෙදෙනාටම මූලික ප්‍රතිකාර දී දැඩිසත්කාර ඒකකයට යොමු කර තිබිණි. ඉකුත් 24 දින ජින්තුපිටියේ වෙඩි තැබීම පූකුඩු කන්නාගේ කල්ලිය විසින් සිදු කර තිබූ බවත්, එහිදී ඝාතනයට ලක් වූයේ කුඩු සෙල්වි නමැත්තියගේ පුතුන් මෙහෙයවන කණ්ඩායමේ අයකු බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි. මේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා පූකුඩු කණ්ණාගේ කණ්ඩායමේ සාමාජිකයන් බැවින් කුඩු සෙල්වි නමැත්තියගේ පුතුන් මෙහෙයවන කල්ලිය විසින් ඔවුන් ඝාතනය කිරීම සඳහා වස මිශ්‍ර කිරි තේ දෙන්නට ඇති බව පොලිසිය සැක කරයි. ඒ සම්බන්ධයෙන් හඳුනාගෙන තිබෙන පුද්ගලයා මේ කල්ලි දෙකේම සාමාජිකයකු ලෙස පෙනී සිටින අයකු බවට මේ වන විට තොරතුරු අනාවරණය වී ඇතැයි උසස් පොලිස් නිලධාරියා කීය.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT