Local

ආදිවාසීන්ගේ අයිතීන් රකින්න මැදිහත් වෙන අධිකරණ ඇමති

Thursday, 18 January 2024 - 8:11 pm

ආදිවාසී ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරීමට අදාළ නව පනත් කෙටුම්පතෙහි අන්තර්ගතය රටේ පවතින සෙසු නීතීන් සමග ගැටෙන තැන් තිබේදැයි පරීක්ෂා කර බලා ඒ පිළිබඳ වාර්තාවක් සිය අමාත්‍යාංශයට භාර දෙන ලෙස අධිකරණ ,බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ඇමතිවරයා එම උපදෙස් ලබා දුන්නේ මෙම පනත සකස් කිරීම සඳහා නීතිය අංශ නිලධාරීන් සහ අමාත්‍යාංශ නියෝජිතයන් ඇතුළු පිරිස සමඟ අධිකරණ අමාත්‍යාංශයේ අද(18) පැවති සාකච්ඡාවකදීය.

මෙරට ආදිවාසී ජනතාවට දීර්ඝ කාලීනව පවතින ගැටලු රැසකට විසඳුම් ලබාදීමේ අරමුණින් නව රෙගුලාසි පද්ධතියක් සකස් කිරීම අධිකරණ ඇමතිවරයාගේ මූලිකත්වයෙන් මේ වන විටත් ආරම්භ වී තිබේ. වනජීවී අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් මගින් දැනටමත් ඊට අදාළ කෙටුම්පත සකස් කර ඇත.

උතුරු නැගෙනහිර යුධ සමයේ එම පළාත්වලින් පලා ගිය ආදිවාසී ජනතාවට යළි එම ප්‍රදේශවල සිය සාම්ප්‍රදායික කටයුතු කිරීමට තිබෙන බාධාවන් සම්බන්ධයෙන්ද මෙම අවස්ථාවට සහභාගි වූ නියෝජිතයෙක් කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේය.එය මෙරට ආදිවාසී ජනතාවට පමණක් නොව සිංහල මුස්ලිම් ජනතාවටද පොදු ප්‍රශ්නයක් බැවින් ඊට රජය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතු බව අධිකරණ ඇමතිවරයා සඳහන් කළේය.

 


Top Stories
wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT