Local

රවී කරුණානායක සැකකරුවෙක් කිරීමට එරෙහිව අභියාචනාධිකරණය ලබාදුන් නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉවත දමයි

Thursday, 05 June 2025 - 12:16 pm

2016 වසරේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියකදී රුපියල් බිලියන 36.98ක මුහුණත වටිනාකමකින් යුත් බැඳුම්කර සම්බන්ධයෙන් වංක ලෙස ව්‍යාපාරණය කිරීමට හෝ ඊට එකඟවීම ඇතුළුව, පොදු දේපළ පනත යටතේ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ගොනුකර තිබූ නඩුවක විත්තිකරුවකු ලෙස හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක නම් කිරීමට නීතිපතිවරයා ගනු ලැබූ තීරණය බලරහිත කරමින් අභියාචනාධිකරණය විසින් දී තිබූ තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉවත දමා තිබෙනවා.

ඒ අනුව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ විශේෂ අභියාචනා පෙත්සමක තීන්දුව දෙමින් එස්. තුරෙයි රාජා, ජනක් ද සිල්වා යන විනිසුරුවරුන්ගේ එකඟත්වය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන විසින් එම තීන්දුව ප්‍රකාශයට පත්කර තිබෙනවා.

රවී කරුණානායක අදාළ නඩුවල විත්තිකරු වශයෙන් නම් කිරීමට නීතිපතිවරයා ගනු ලැබු තීරණය බලරහිත කරමින් අභියාචනාධිකරණය විසින් නිකුත් කළ තීන්දුව ඉවත දමන බවත්, එම තීන්දුවට අදාළව රවී කරුණානායක විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ රිට් පෙත්සම නිශ්ප්‍රභ කරන බවත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සිය තීන්දුව මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

2015 ජනවාරි 01 සහ 2016 මාර්තු 31 අතර කාලසීමාව තුළ ශ්‍රී ලංකා මහා බැංකුව විසින් සිදුකළ බැඳුම්කර නිකුතුවලදී අවිධිමත් ක්‍රියා සහ අක්‍රමිකතා සිදුවූ බවට පැමිණිලි ඉදිරිපත් වූ බවත්, මේ හේතුවෙන් රටේ ආර්ථිකයට බිලියන ගණනාවක පාඩුවක් සිදු වූ බවට ප්‍රකාශ වී තිබෙන බවත්, මෙම ක්‍රියාව තුළින් ජාතික ආර්ථිකය මෙන්ම මහජන විශ්වාසය ද බිඳ වැටීමට හේතු වූ බවයි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මහින්ද සමයවර්ධන වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT