Local

දැන් ගම්මන්පිල කියන විදියට, ප්‍රභාකරන්ව ඉවර කරලා රට එක්සේසත් කරලා තියෙන්නේ පිල්ලෙයාන් - හඳුන්නෙත්ති

Friday, 18 April 2025 - 9:32 pm

පළමු වතාවට, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ උදය ගම්මන්පිල, පිල්ලෙයාන්ගේ නීතීඥයා බවට පත්ව ඇති බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසනවා.

ඒ අනුව පිල්ලෙයාන් හමුවූ ගම්මන්පිලගේ ප්‍රකාශ හරහා පුහුල් හොරා කරෙන් දැනෙන බවත්, පි‍ල්ලෙයාන් අත්අඩංගුවට ගෙන ඇත්තේ පාස්කු ප්‍රහාරයට නොවන බවත්, මහාචාර්යවරයෙක් ඝාතනය කිරීම සම්බන්ධව ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

කෙඳිරි නොගා සිටින ලෙස ගම්මන්පල හිටපු මන්ත්‍රීවරයාගෙන් ඉල්ලා සිටින බවද, ගම්මන්පිල මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන පරිදි ප්‍රභාකරන් සමය අවසන් කර රට එක්සේසත් කළේ පිල්ලෙයාන් බවට හැඟී යන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

පිල්ලෙයාන් ජාතික වීරයෙක් බව ගම්මන්පිල හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන බවත්, ඔහු ජාතික වීරයෙක් කිරීම පිටුපස තවත් පිරිසක් සිටින බවයි අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති වැඩිදුරටත් ප්‍රකාශ ක‍ර සිටියේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT