ආර්ථික පරිවර්ථන පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අත්සන් තබා තිබෙනවා
ආර්ථික පරිවර්ථනය පිළිබඳ ජාතික ප්රතිපත්තිය සඳහා විධි විධාන සැලසීම අරමුණු කරගත් මෙම පනත් කෙටුම්පත පසුගිය මැයි 22 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා
අනතුරුව පසුගිය ජූලි 25 වැනිදා පාර්ලිමේන්තුවේදී දෙවන වර කියවීමේ විවාදය පවති අතර එහිදී මෙම පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත වුණා
ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2024 අංක 45 දරන ආර්ථික පරිවර්තන පනත ලෙස හැඳින්වෙනවා