Local

මැතිවරණයේදී රාජ්‍ය බලය හා රාජ්‍ය දේපොළ අවභාවිතා කිරීමේ සිද්ධි 30 ක් වාර්තා වෙලා තියෙනවා - පැෆරල් සංවිධානය

Thursday, 24 April 2025 - 9:13 pm

2025 පළාත් පාලන මැතිවරණයේදී රාජ්‍ය බලය හා රාජ්‍ය දේපොළ අවභාවිතා කිරීමේ සිද්ධීන් 30ක් වාර්තා වී ඇති බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසනවා.

එසේම, මැතිවරණ නීති උල්ලංඝනය වීමේ සිද්ධීන් 322ක් මේ වනවිට පැෆරල් සංවිධානයට වාර්තා වී ඇති බවත්, ඒ යටතේ ප්‍රචණ්ඩකාරී සිද්ධීන් 18ක් වාර්තා වී ඇති අතර, ඉන් 17ක් තහවුරු වී ඇති බවයි ඔහු දක්වන්නේ. 

ඡන්ද දායකයින්ට ආධාර ලබාදීම හා අල්ලස් ලබාදීම සම්බන්ධ සිද්ධීන් 38ක්ද වාර්තා වී ඇති බවද අද (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළා.

රාජ්‍ය බලය සහිතව යම් යම් ප්‍රකාශ නිකුත් කිරීම තුළින් ඍජු බලපෑමක් එල්ල නොවුණත්, ඉන් වක්‍ර බලපෑමක් ඡන්ද දායකයින්ට එල්ල විය හැකි බවයි රෝහණ හෙට්ටිආරච්චි වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT