Local

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිවිරෝධිව රැඳි සිටින්නන්ට පොදු සමා කාලයක්

Saturday, 31 August 2024 - 7:04 pm

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වීසා නොමැතිව නීතිවිරෝධීව රැඳී සිටින්නන්ට එරටින් පිටවීම සඳහා හෙට (01) සිට ඔක්තෝම්බර් 31 දක්වා මාස 2 ක පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා

සේවා යෝජකයාගේ නීත්‍යානුකූල අවසරයකින් තොරව සේවා ස්ථානයෙන් බැහැරව සිටින්නන්ට හා පොලිස් පැමිණිලි සහිත පුද්ගලයින්ට මෙම පොදු සමා කාලය තුළදී කිසිඳු දඩ මුදලකට යටත් නොවී හෝ වෙනත් නෛතික අවහිරතාවයකට ලක් නොවී, එරටින් බැහැරවීමට හෝ හය මාසයක තාවකාලික වීසා බලපත්‍රයක් ලබාගෙන නව රැකියාවක් ලබාගැනීමට හෝ අවස්ථාව හිමිවනවා

එමෙන්ම, අදාළ තැනැත්තාට එරෙහිව ඇති පැමිණිල්ල (Absconding Report) ඉවත් කරගෙන එරටින් පිටව යාමටද මෙම කාලය තුළදී අවස්ථාව සැලසෙන බවයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, අබුඩාබි ශ්‍රි ලංකා තානාපති කාර්යාලය යොමුකළ නිවේදනයක දැක්වෙන්නේ

ඒ සඳහා, වලංගු විදේශ ගමන් බලපත්‍රය හෝ තානාපති කාර්යාලය මගින් නිකුත් කරන හදිසි පිටවීමේ පත්‍රය සමග අල් දෆ්රා සේවා මධ්‍යස්ථානය (Al Dhafra) , අල් මකාමි සේවා මධ්‍යස්ථානය (Al Maqam), අල් ශහාමා සේවා මධ්‍යස්ථානය (Al Shahama), සුවෙයි හාන් සේවා මධ්‍යස්ථානය (Sweihan) යන ආගමන සේවා මධ්‍යස්ථාන වෙත ඉදිරිපත් විය යුතුවනවා

මෙම පොදු සමා කාලය යටතේ එරටින් පිටවීමට අපේක්ෂා කරන්නේ නම්, පිටවීමේ අවසර පත්‍රය ලබාගෙන දින 14ක් තුළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටත් විය යුතුයි

තමන්ගේ ඥාතියෙකු හෝ හිතවතෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිවිරෝධිව රැදී සිටින්නේ නම් මෙම පොදු සමාකාලය පිළිබදව ඔවුන් දැනුවත් කරන මෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT