Local

වන සංරක්ෂණ ඉඩම් යළි කෘෂි වැඩට සහ සංචාරක ව්‍යාපාරයට මුදාහැරීමට සාකච්ඡා

Thursday, 25 January 2024 - 6:57 am

වන සංරක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති ඉඩම් යළි කෘෂිකර්මාන්තයට සහ සංචාරක ව්‍යාපාරය සඳහා මුදා හැරීමට සාකච්ඡා මේ වන විට ආරම්භ කර තිබෙන බව ග්‍රාමීය ආර්ථික රාජ්‍ය ඇමැති කේ. කාදර් මස්තාන් මහතා පැවසීය.

මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවල කෘෂිකාර්මික අංශය දියුණු කිරීමට මේ වන විටත් වැව් 61ක ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර තිබෙන බව ද රාජ්‍ය ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

ග්‍රාමීය ආර්ථික රාජ්‍ය ඇමැති කේ. කාදර් මස්තාන් මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පෙරේදා (23) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් රාජ්‍ය ඇමැති කේ. කාදර් මස්තාන් මහතා මෙසේ ද පැවසීය.
සැබවින්ම අප හිතුවේ මේ රටේ ආර්ථිකය යළි ගොඩනැඟීමට බොහෝ කාලයක් ගත වනු ඇති බවයි. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැටී තිබූ ආර්ථිකය ඉතා ඉක්මනින් යළි ස්ථාවර මට්ටමකට ගෙනාවා. ඒ පිළිබඳව ජනපතිවරයාට ස්තුතිවන්ත විය යුතුයි.

ඒ වගේම උතුරු,නැඟෙනහිර සහ මධ්‍යම පළාත් ආශ්‍රිතව ග්‍රාමීය ආර්ථිකය නැංවීම වෙනුවෙන් ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කිරීමට මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. පසුගිය වසරේ ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය හරහා ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීමේ වැඩසටහන් ද රාශියක් ක්‍රියාත්මක කළා. එළුවන් ලබා දීම, මුං වගාවට අත්‍යවශ්‍ය බීජ ලබා දීම වැනි වැඩසටහන් ඒ අතර විශේෂයි.

මේ අනුව අප අමාත්‍යාංශයට දුන් මූල්‍ය ප්‍රතිපාදනවලින් 98%ක් පමණ මේ වැඩසටහන් සඳහා යෙදවීමට කටයුතු කර තිබෙනවා. එහි ප්‍රතිලාභ මේ වන විට ජනතාව භුක්ති විඳිමින් සිටිනවා.

මන්නාරම දිස්ත්‍රික්කය සැලකුවොත් එය මේ වසරේ මෙට්‍රික් ටොන් 1050ක් පමණ මුං අස්වැන්නක් ගනිමින් විශාල ප්‍රගතියක් අත්කරගෙන තිබෙනවා. එළු පාලනය ආශ්‍රිතව ද විශාල දියුණුවක් ඇති වෙලා. විදේශ ආධාර මත විවිධ සංවර්ධන ව්‍යාපෘති කීපයක්ම ක්‍රියාත්මක කර තිබෙනවා. කෘෂිකාර්මික අංශයේ දියුණුවට අත්‍යවශ්‍ය වැව් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඒ අතර විශේෂයි. මේ යටතේ මන්නාරම දිස්ත්‍රික්කයේ වැව් 30ක් සහ වවුනියාව දිස්ත්‍රික්කයේ වැව් 31ක් ද ප්‍රතිසංස්කරණය කරනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශය හරහා විවිධ වැඩසටහන් ඉදිරියට ගෙන යමින් ආහාර හිඟය, මන්දපෝෂණය වැනි ඌනතා මඟහරවා ගැනීම ද රජයේ ප්‍රමුඛ ඉලක්කයක්.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති ඉඩම් යළි කෘෂිකර්මාන්තයට සහ සංචාරක ව්‍යාපාරය සඳහා මුදා හැරීමට වන සාකච්ඡා මේ වන විට ආරම්භ කර තිබෙනවායිද පැවසීය.

 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT