අමාත්‍යවරුන්ගේ හා මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරුවක් මේ දිනවල සිදුකරමින් ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.
තර්ජනයට ලක්වන මැති ඇමතුරුන් කිහිපදෙනෙකු මෙහිදී හඳුනාගෙන ඇති බවද දැනගන්නට ඇත.
ඇමතිවරුන් තර්ජනයට දක්වන්නේ ඔවුන් ඇමතිවරුන් වීම නිසා බවද එසේ නොමැතිව පුද්ගලයන් ලෙස අම එම අමාත්‍යවරුන් තර්ජනයට ලක් නොවන බවද මේ වන විට සිදු කරනු ලබන තක්සේරු වලින් පෙනී ගොස් ඇත.
ඒ අනුව ඉදිරියේදී මෙම තක්සේරුව අවසානය සලකා බලමින් ආරක්ෂාව ලබා දිය යුතු මැති ඇමතිවරුන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව ඇත.