Local

අවුරුදු 75ක් අපි ජනතාවට වැඩ කලා..

Wednesday, 30 October 2024 - 11:43 am

ලංකා කම්කරු කොන්ග්‍රසය වසර 75 ක කාලය තුල තම ජනතාවගේ යටිතල පහසුකම් සහ එම ජනතාවගේ ළමුන්ගේ අධ්‍යාපනය ඉහල දැමිමට කටයුතු කල බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජාතික සංවිධායක සහ එක්සත් ජාතික සන්ධානයේ නුවරඑලිය දිස්ත්‍රික් අපෙක්ෂක එස්.ශක්තිවේල් මහතා පවසයි.

එස්.ශක්තිවේල් මහතා ඒ බැව් කියා සිටියේ හැටන් කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැස්විමකදිය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු එස්.ශක්තිවේල් මහතා කියා සිටියේ වසර ගණනාවකට පසු මේ රටේ බහුතර ජනතාවක් එක් වි රටේ නායකත්වය ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා වෙත ලබාදුන් බවයි.

හුන්නස්ගිරිය ප්‍රදේශයේ වතු සමාගමක් විසින් තේ වත්තේ දින 14 ක් වැඩට නොයෙන වතු කම්කරුවන්ගේ වතු නිවාස යලි වතු අධිකාරිය භාරදෙන ලෙසට දැනුම් දි ඇති බවත්, වතු කම්කරුවන්ට එවැනි පිඩනයක් ඇති කරන වතු සමාගම් කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය යුතු බවයි.

මෙම මැතිවරණ ප්‍රචාරක රැස්විමට ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් සහ එක්සත් ජාතික සන්ධානයේ නුවරඑලිය දිස්ත්‍රික් කණ්ඩායම් නායක සහ අපෙක්ෂක ජිවන් තොණ්ඩමන් මහතාද සහභාගි විය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT