Sports

‘ඔලිම්පික් මංපෙත’ වැඩසටහනට නව වසරේ නව මුහුණුවරක්

Tuesday, 16 April 2024 - 8:47 am

ප්‍රංශයේ පැවැත්වෙන පැරිස් ඔලිම්පික් උලෙළට සුදුසුකම් ලැබීමේ අරමුණින් ක්‍රියාත්මක ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩා සංචිතයේ කටයුතුවලට විශේෂත්වයක් ලබාදී අලුත් අවුරුදු උදාවත් සමඟ ‘ඔලිම්පික් මංපෙත‘ (Road to Olympic) වැඩසටහන තව තවත් ශක්තිමත්ව ඉදිරියට ගෙනයන ලෙස ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබාදෙයි.

පැරිස් ඔලිම්පික් උලෙළට තවත් මාස තුනක පමණ කාලයක් ඇති අතර, ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු පත්වූ වහාම ඔලිම්පික් බලාපොරොත්තු ඇති දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පූර්ණ සහයෝගය මත කැබිනට් සංදේශයක් මඟින් ‘ඔලිම්පික් මංපෙත‘ (Road to Olympic) විශේෂ වැඩපිළිවෙළ ආරම්භ කළේය.

එම විශේෂ වැඩපිළ­ිවෙළ යටතේ ක්‍රීඩා 12කින් දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 58ක් තෝරා සුපිරි සංචිතයක් නිර්මාණය කොට, ‘පැරිස් ඔලිම්පික්‘ උලෙළ ඉලක්කකොට පුහුණු කටයුතු වෙනුවෙන් සියලු පහසුකම් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කළේය. විශේෂ කැබිනට් අනුමැතිය අනුව එම සුපිරි සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සුදුසුකම් ලැබීමේ තරග සහ අනෙකුත් ජාත්‍යන්තර තරග නියෝජනය සඳහා අරමුදල් වෙන්කළ අතර, තවදුරටත් සිදුකළ යුතු අවශ්‍යතා ඇත්නම් ඒ පිළිබඳ සොයා බලන ලෙස ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය (රියර් අද්මිරාල්) ෂේමාල් ප්‍රනාන්දු වෙත ඇමැතිවරයා උපදෙස් ලබාදී ඇත.

‘ඔලිම්පික් මංපෙත‘ (Road to Olympic) විශේෂ වැඩපිළිවෙළ යටතේ මෙරට පුහුණුව ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මසකට රුපියල් ලක්ෂ 3ක මුදලක් හා පුහුණුකරුට රුපියල් ලක්ෂයක මුදලක් ලබාදෙන අතර, විදෙස්ගතවී පුහුණුවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් මසකට රුපියල් මිලියනයක මුදලක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කළේය. එයට අමතරව පෝෂණ කටයුතු වෙනුවෙන් මසකට රුපියල් 50000ක් සෑම ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවකට ලබාදේ. මෙම වැඩසටහන යටතේ ඔලිම්පික් සුදුසුකම් ලැබීම වෙනුවෙන් විදෙස් තරග 6ක් නියෝජනය කිරීමට සෑම ක්‍රීඩකයෙක් වෙතම ක්‍රීඩා අමාත්‍යාංශය මුදල් ලබාදී තිබේ. දැනටමත් සියලු ක්‍රීඩා වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වරින් වර විදෙස් තරගවලට සහභාගීවී ඇති අතර, ඒ වෙනුවෙන් මිලියන ගණනක් මුදල් වැයකොට ඇතැයි ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ෂේමාල් ප්‍රනාන්දු පැවැසීය.

ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු ඉදිරිපත් කළ නිර්මාණශීලී වැඩ පිළිවෙල හරහා පැරිස් ඔලිම්පික් උලෙළට සුදුසුකම් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය සියලු පහසුකම් ලබාදීමට හැකිවූ බවත්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මාසික දීමනා හා විදෙස් තරගවලට සහභාගීවීමේ අවස්ථා වෙනුවෙන් කලට වේලාවට මුදල් ලබාදිමට හැකිවූ බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවැසීය.

විවිධ හේතු මත මඟ හැරුණු අභියාචනාවලින් තෝරාගත් තවත් 14ක් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 44කගේ මුල් ලැයිස්තුවට එක්කර ගැනීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු කළේය. මලල ක්‍රීඩා (19), බැඩ්මින්ටන් (1), බොක්සිං (2), කිමිදුම් (1), ජිම්නාස්ටික් (2), ජූඩෝ (1), වෙඩි තැබීම (2), ස්කොෂ් (1), පිහිනුම් (1), බර ඉසිලීම (2), මල්ලවපොර (1) හා පැරා ක්‍රීඩා (25) ඉහළ කාර්ය සාධන සංචිතයට ඇතුළත්ව ‘ඔලිම්පික් මංපෙත‘ (Road to Olympic) විශේෂ වැඩපිළිවෙළ යටතේ පුහුණුවෙමින් සිටිති. ‘පැරිස් ඔලිම්පික්‘ උලෙළ ලබන ජූලි මස 26 සිට අගෝස්තු 11 දක්වා ප්‍රංසයේ පැරිස් නුවරදී පැවැත්වේ.


Top Stories
wedivistara

පොලිසියට 5,000ක් බඳවා ගන්න අනුමැතිය

wedivistara

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ජනපතිගෙන් පූර්ණ සහයෝගය

wedivistara

දහම් පාසල් ගුරුවරුන්ට ලබන වසරේ සිට දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවේ

wedivistara

සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට එම්.බී.එන්.ඒ. ප්‍රේමරත්න පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

ගොවි විශ්‍රාම වැටුප් ගැටලුවලට විසඳුම් ලබාදෙයි

wedivistara

භාතිය හස්තියාගේ යම් ප්‍රගතියක් පෙන්නුම් කරනවා - පශු වෛද්‍ය තරිඳු විජේකෝන්

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

wedivistara

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අක්‍රමිකතා සෙවීමට විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

උසස් පෙළ ඉහළින් සමත් සිසුන්ට, පළමු උපාධිය විදෙස් සරසවියක හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට කැබිනට් අනුමැතිය

wedivistara

පාපන්දු ක්‍රීඩක Diogo Jota රිය අනතුරකින් මරුට


NEWS ALERT