Local

මහින්දගේ ආරක්‍ෂාව, සෞඛ්‍ය නොතැකීම දේශපාලන පළිගැනීමක්…

Thursday, 24 October 2024 - 6:39 pm

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට රජය විසින් වෛද්‍ය පහසුකම් සඳහා ලබාදී තිබූ ගිලන් රථ සේවාව අත්හිටුවීමට රජය ගත් තීරණය දේශපාලන පළිගැනීමක් බව එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ නායක රන්ජන් රාමනායක මහතා පවසයි.

එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් ක්‍රියාකාරීන්ගේ හමුවකදී රංජන් රාමනායක මහතා මෙසේ පැවසුවේය.

එය හලාවතදී පැවැත්විණි.

රටේ පැවැති යුද්ධය නවතා දැමීමට ඉමහත් කාර්යභාරයක් සිදුකළ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සහ සෞඛ්‍ය තත්ත්වය නොසලකා තීරණයක් ගැනීම තමා එකඟ නොවන බවත් ඉන්දියාවේ සත්‍යජිත් රායිට පවා ගිලන් රථ සේවාවක් ලබාදී තිබූ බවත් රාමනායක මහතා මෙහිදී කීවේය.

ඔහු වැඩිදුරටක් මෙසේද කියා සිටියේය.

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවෙ ලොකු සටනක් කළා. ඒගොල්ලොන්ට ආසන තුනේ අය කියලා පාර්ලිමේන්තුවේ උසුළු විසුළු කළා, අවඥාවට ලක් කළා. නමුත් ලොකු සටනක් දීලා අද බලයට පත්වෙලා තියනවා. ඒගොල්ලො මේ වන විට ජනතාව බලාපොරොත්තු වූ ආකාරයට වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරමින් යනවා. ඒ ගැන අපි සතුටු වෙනවා. ඔවුන්ව විවේචනය කර කර කකුලෙන් ඇදලා ඒ ගමන නැවැත්වීමට ගන්නා උත්සාහය කැත දේශපාලනයක්. ඔවුන් යමක් කරයි කියලා ජනතාව බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ දේ සිද්ධ වෙමින් පවතිනවා. ඒ අයගෙ සටන් පාඨයම තමයි මගෙත් සටන්පාඨය. ඒ දූෂණ විරෝධී යන සටන් පාඨය. ජාතික ජනබලවේගය පක්ෂයට කවුරුත් නැති කාලේ එහි දැක්ම ගැන වර්ණනා කළා. අර කුහක දේශපාලන අය වගේ මම එයාලගෙ කකුලෙන් අදින්නෙ නෑ. හැබැයි හීන් සීරුවෙ හේත්තු වෙන්නෙත් නෑ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT