Local

විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව අධිකරණයෙන් නියෝගයක්

Monday, 17 March 2025 - 5:18 pm

අද (17) දින සිට 21 වනදා දක්වා සත්‍යග්‍රහයක් සහ විරෝධතාවයක් පැවැත්වීමට සංවිධානය කර ඇති විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව අධිකරණයෙන් නියෝගයක් ලබාදී තිබෙනවා.

ඒ අනුව අදාළ දිනවල වැලිකඩ, පොල්දූව වටරවුම ආශ්‍රිතව විරෝධතාවයක් හා සත්‍යග්‍රහයක් පැවැත්වීමට නියමිත බවට ලද තොරතුරක් මත, අපරාධ නඩු විධාන සංග්‍රහයේ පවතින ප්‍රතිපාදන ප්‍රකාරව කරන ලද ඉල්ලීමකට අනුව, කොළඹ ප්‍රධාන අංක 04 මහේස්ත්‍රාත් අධිකරණය මඟින් මෙම දැනුම් දීම සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ ජාතික සංවිධායක ධම්මික මුණසිංහ, එහි දකුණු පළාත් සභාපති රසික ප්‍රසාද්, මධ්‍යම පළාත් සභාපති සුමිත් රත්නායක, සංගමයේ බස්නාහිර පළාත් ක්‍රියාකාරී සාමාජික එස්.එම්.එල්. රංවල යන අය ඇතුළු සහභාගී වන වෙනත් තැනැත්තන්ට එරෙහිව මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

අදාළ දිනවල දී පැවැත්වීමට නියමිත විරෝධතා ව්‍යාපාරය හා සත්‍යග්‍රහයේදී මාර්ග භාවිතා කරන මහජනතාවට හා පදිකයින්ට අවහිර බාධා වන සේ කිසිම මාර්ගයක් හරස් කර විරෝධතා හෝ ප්‍රචණ්ඩ ක්‍රියා නොකිරීමට වගබලා ගතයුතු බවට අධිකරණයෙන් දැනුම් දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්. 

 

news images


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT