Local

ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව වැඩසටහනට අයදුම්පත් භාර ගැනීම දීර්ඝ කෙරේ

Monday, 18 March 2024 - 7:15 am

විවිධ ආර්ථික දුෂ්කරතා හමුවේ අධ්‍යාපනය ලබන පාසල් සිසු දරුවන්ට දිරියක් ලබාදීමේ අරමුණින් ශිෂ්‍යාධාර ලබාදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත හා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ මග පෙන්වීම යටතේ ජනාධිපති අරමුදල මඟින් ක්‍රියාත්මක කරන ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව 2024/2025 වැඩසටහනට අයඳුම්පත් භාර ගැනීම අප්‍රේල් 01 වැනිදා දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන ඇත.

ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව 2024/2025 වැඩසටහනට අයදුම්පත් භාර ගැනීම සම්බන්ධව බොහෝ දෙනාගේ ඉල්ලීම මත මෙම දීර්ඝ කිරීම සිදු කර තිබේ.

ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව වැඩසටහන පිළිබඳ සියලුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් මඟින් සියලු විදුහල්පතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, ග්‍රාම නිලධාරීන් දැනුවත් කර ඇති අතර, මෙම ශිෂ්‍යත්ව වැඩසටහනට ඉල්ලුම් කිරීමට සුදුසුකම් සපුරා ඇති දරුවන්ගේ දෙමාපියන් හෝ භාරකරුවන් අදාළ පරිදි විමසීම් කර අයඳුම්පත පාසලේ විදුහල්පතිතුමා වෙත භාර දෙන ලෙස ජනාධිපති අරමුදල දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි.

තවද අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් දැනටමත් ලබා දී ඇති උපදෙස් අනුව එක් එක් පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව අනුව එම පාසලට ලබා දිය හැකි ශිෂ්‍යත්ව සංඛ්‍යාව අදාළ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා විසින් තීරණය කර තම කලාපයේ විදුහල්පතිවරුන් වෙත ලබා දීමට කටයුතු කරනු ඇත.

ඒ අනුව සියලුම පාසල්වල විදුහල්පතිවරුන් විසින් තේරීම් කමිටුවක් පත් කර 2024.04.01 දිනෙන් පසුව තම පාසලට හිමි ශිෂ්‍යත්ව ප්‍රමාණය අනුව ශිෂ්‍යත්වලාභීන් තෝරා ගැනීම සිදු කළ යුතුය.

පාසල් මඟින් තෝරාදෙනු ලබන සුදුසුකම් ලත් ශිෂ්‍යත්වලාභීන්ගේ නාමලේඛනය, අයදුම්පත් සහ විස්තර අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ජනාධිපති අරමුදල වෙත යොමු කිරීමෙන් අනතුරුව 2024 අප්‍රේල් මස සිට ඉදිරි මාස 12ක කාලය පුරා මෙම ශිෂ්‍යාධාර මුදල් ගෙවීමට නියමිත ය.

මෙරට 10,126ක් වූ සමස්ත පාසල් සංඛ්‍යාව ආවරණය කරමින් පළමු ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන සිසුන් ලක්ෂයක් (100,000) වෙනුවෙන් මෙම ශිෂ්‍යාධාර ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර සමස්ත වැඩසටහන සදහා ජනාධිපති අරමුදලින් රුපියල් මිලියන 3600ක ප්‍රතිපාදන වෙන් කර තිබේ.

එසේ තෝරාගනු ලබන ශිෂ්‍යත්වලාභීන් වෙත ඒ පිළිබදව දැනුම් දීමෙන් අනතුරුව අදාළ සිසුවා හෝ සිසුවිය තම මව / පියා / භාරකරුගේ හවුල්කාරීත්වයෙන් යුතු බද්ධ ගිණුමක් ලංකා බැංකුව, මහජන බැංකුව හෝ ජාතික ඉතිරිකිරීමේ බැංකු ශාඛාවක විවෘත කළ යුතුය.ඊට අදාළ මූලික තැන්පතු මුදල, අවශ්‍ය වන ආකාරයට අදාළ බැංකුව විසින්ම ශිෂ්‍යත්වලාභියාගේ ගිණුමේ තැන්පත් කිරීමටද අදාළ බැංකු විසින් එකඟතාවය පළකර ඇත.

ඒ අනුව ශිෂ්‍යත්වලාභීන් තෝරා ගත් පසු විදුහල්පතිතුමා විසින් ශිෂ්‍යත්වලාභියා පිළිබඳ තොරතුරු ඇතුළත් කර බැංකුවේ කළමණාකරු වෙත ලිපියක් නිකුත් කරන අතර ශිෂ්‍යත්වලාභියා තම මව / පියා / භාරකරු සමඟ අදාළ බැංකු ශාඛාවල කළමණාකරුවන් හමුවී උපදෙස් ලබා දී ඇති පරිදි බැංකු ගිණුමක් විවෘත කර බැංකු ගිණුමට අදාළ තොරතුරු විදුහල්පතිතුමා වෙත ඉදිරිපත් කළ යුතුය.

මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු ජනාධිපති අරමුදලේ නිල ෆේස්බුක් පිටුව වන www.facebook.com/president.fund ඔස්සේ ලබා ගැනීමේ හැකියාව පවතී.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT