Local

විදෙස්ගත ශ්‍රමිකයන් මාස 18කදී මෙරටට රුපියල් කෝටි 240,000ක් එවයි - ඇමති මනුෂ නානායක්කාර

Tuesday, 14 November 2023 - 11:50 am

පණ ඇඳපු ආර්ථිකයට හුස්ම දුන්න විදේශගත ශ්‍රමික ප්‍රජාවට ස්තූතියි!

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා වශයෙන් තමන් සිය අමාත්‍යාංශයේ රාජකාරි ආරම්භ කළ දිනයේ සිට මේ දක්වා විදේශ ගත ශ්‍රමිකයින් විසින් රුපියල් කෝටි 240,000ක ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට එවා ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි. අමාත්‍යවරයා මේ අදහස් පළකළේ අද දින (11/13) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පැවති වැඩසටහනකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසුවේය.

“බොහෝ දෙනා දිවයිනට ප්‍රේෂණ එවන්න එපා කියද්දි, අපි ගැන පූර්ණ විශ්වාසය තියලා විදේශ ගත ශ්‍රමිකයින් ඩොලර් බිලියන 7කට අධික මුදලක් දිවයිනට එවලා තියෙනවා. ඒ කියන්නේ රුපියල් ට්‍රිලියන 2.4ක් නැත්තම් රුපියල් කෝටි 240,000ක්. මම මේ අමාත්‍යාංශය භාරගෙන මාස 18යි. ඒ කාලයට මට මේ රටේ ආර්ථිකය ගොඩනගන්න විශාල දායකත්වයක් ලබාදෙන්න පුළුවන් වුණා. ඒකට විදේශගත ශ්‍රමිකයින් ලබාදුන්න සහයෝගය අති විශාලයි. මේ රටේ තෙල් ටික ගේන්න, බෙහෙත් ටික ගේන්න, ගෑස් පෝලිම් නතර කරන්න ඒ සල්ලි යොදාගත්තා. මේ රට වැටිලා තිබුණ අගාධයෙන් රට ගොඩගන්න පුළුවන් වුණේ විදේශගත ශ්‍රමිකයින් ලබාදුන්න දායකත්වය නිසා. ඒකට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිළධාරීන් හා රැකියා නියෝජිතායතනවල සාමාජිකයින් විශාල සහයෝගයක් ලබාදුන්නා. ඒ හැමදෙනාටම ස්තූති කරන්න මම මේක අවස්ථාවක් කරගන්නවා.” යනුවෙන් ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් ආර්.පී.ඒ. විමලවීර, කාර්යාංශ සභාපති ඒ.ඒ.එම්.හිල්මි යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT