Local

මහපොළ රුපියල් 7500 දක්වා ඉහළට - ජනපති

Monday, 17 February 2025 - 4:58 pm

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2025 අයවැය ප්‍රකාශය මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටිනවා.

එහි සජීවී යාවත්කාලීන කිරීම් පහතින්.

* තෝරාගත් මුල් ළමාවිය සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 80 ක් වෙන් කර තිබෙනවා.

* පෙර පාසල් ගුරුවන්ගේ දීමනාව වැඩි කිරීමට රුපියල් මිලියන 100 ක් වෙන් කිරිමට කටයුතු කරනවා.

* පෙරපාසැල් උදෑසන ආහාර සැපයීමේ වැඩසටහන යටතේ එක් ආහාර වේලකට කරනු ලබන ගෙවීම රු. 60 සිට රු. 100 දක්වා වැඩි කරනවා.

* පාසල් යටිතල පහසුකම් දියුණු කිරීමට රුපියල් මිලියන 1000 ක්.

* විශ්ව විද්‍යාල පද්ධතිය ගුණාත්මකව වර්ධනය කිරීමට මිලි​යන 135 ක්

* පවතින පාසල් පද්ධතිය සමාලෝචනය කිරීමට යළි ස්ථානගත කිරීමට රුපියල් මිලියන 500 ක් වෙන් කරනවා.

* 5 ශ්‍රේණි ශිෂ්‍යාධාර මුද​ල රුපියල් 750 සිට 1500 දක්වා වැඩි කරනවා. මේ සඳහා මිලියන 1000 ක් වෙන්කරනවා.

* ක්‍රීඩා පාසැල්වල සිසුන්ට ලබාදෙන මාසික පෝෂණ දීමනාව රු. 5000 සිට රු. 10,000 දක්වා වැඩිකරනවා. 

* වෘත්තීය අධ්‍යාපනය ලබන සිසුන්ට ලැබෙන දීමනාව රු. 4000 සිට රු. 5000 දක්වා වැඩිකරනවා.

* මහපොළ ශිෂ්‍යාධාර මුදල රුපියල් 7500 දක්වාත් ශිෂ්‍යාධාර දීමනා​ව 6500 දක්වා වැඩි කිරීමට යෝජනා කරනවා.  

* 2025 අප්‍රේල් සිට මේ සියලු දීමනා දෙනවා.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT