Local

ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් සේවා සම්මුතියකට අත්සන් තැබුවා – වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

Monday, 19 February 2024 - 9:22 am

ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් සේවා සම්මුතියකට පසුගියදා (15) අත්සන් තැබූ බවත්, මෙරට ශ්‍රමිකයන් විදෙස්ගත කිරීමේදී සිදු වන ප්‍රමාදය වැළැක්වීම මේ ගිවිසුමේ ප්‍රධාන අරමුණක් බවත් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවැසීය.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පසුගියදා (15) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා:

“නාවික ක්ෂේත්‍රයේ ඇති බහාලුම් ප්‍රවාහනය කිරීමේ ප්‍රමාණය 32%කින් පමණ වර්ධනය වී තිබෙනවා. ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් සේවා සම්මුතියකට අද පෙරවරුවේ අත්සන් තැබුණා. ඊශ්‍රායල ගමනාගමන ඇමැතිවරිය සහ වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය අතර අත්සන් කළ ගිවිසුමට අනුව දෙරට අතර ඍජු ගුවන් සේවා ආරම්භ කිරීමට නියමිතයි. ඒ සමඟ මඟීන්ට අවශ්‍යතාව අනුව පහසුකම් සැපයීම අපගේ අරමුණයි.

“එසේම ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර පවතින සේවා ගිවිසුමට අනුව මෙරට ශ්‍රමිකයන් විදෙස්ගත කිරීමේදී සිදු වන ප්‍රමාදය වැළැක්වීමද මේ ගිවිසුමේ ප්‍රධාන අරමුණක්. ඊශ්‍රායල ජාතිකයන් රැසක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට අපේක්ෂාවෙන් සිටින බව ඊශ්‍රායල ගමනාගමන ඇමැතිවරිය අප සමඟ සඳහන් කළා.

“පලාලි ගුවන් තොටුපොළ හරහා දිනපතා ඉන්දියාව දක්වා තවත් ගුවන් සේවාවක් ආරම්භ කිරීමට ඉන්ඩිගෝ ගුවන් සමාගම සමඟ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. මත්තල ගුවන්තොටුපොළ සම්බන්ධව අභිලාෂ කැඳවීමක් සිදු කළා. ඒ අනුව ටෙන්ඩර් මණ්ඩලයෙන් එක් ආයෝජකයකු තෝරාගෙන තිබෙනවා. එම ආයෝජකයා සමඟ වන සාකච්ඡා මේ වන විට අවසන් අදියරේ පවතිනවා. ලබන සතියේදී සම්මුතියකට එළැඹීමට හැකි වෙයි. ඒ සමඟ එම ගුවන්තොටුපොළද ලාභදායි තත්ත්වයට පත් කළ හැකි වෙනවා. එම ගිවිසුම රුසියානු සහ ඉන්දීය ඒකාබද්ධ පෞද්ගලික ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමට නියමිතයි.

“කටුනායක ගුවන් තොටුපොළේ පවතින තදබදය වළක්වා ගැනීමට ප්‍රවේශ පත්‍ර කවුළු 31ක් සහ නව පර්යන්ත ගොඩනැඟිල්ලක් ඉදි කිරීමටත් අභිලාෂ කැඳවීම් සිදු කර තිබෙනවා. ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 6ක්. ඒ අනුව එම ඉදිකිරීම් කටයුතු ඉදිරි සති දෙකේ ආරම්භ කිරීමට නියමිතයි. මාස 9ක් තුළ පවතින තදබදයට විසඳුම් දිය හැකියි.

“ඒ වගේම ජයිකා ආයතනයේ සභාපතිවරයා පසුගිය 14 දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සිදු කළ සාකච්ඡාවේදී දෙවැනි පර්යන්ත ගොඩනැඟිල්ල ඉදි කිරීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන දීමට එකඟතාව පළ කළා. ශ්‍රී ලන්කන් එයාර්ලයින් සමාගම ප්‍රතිව්‍යූහගත කිරීමට අභිලාෂ ප්‍රකාශ කිරීමේ අවස්ථාව මාර්තු 15 දක්වා දීර්ඝ කර තිබෙනවා. නාවික ක්ෂේත්‍රයේ ඇති බහාලුම් ප්‍රවාහනය කිරීමේ ප්‍රමාණය 32%කින් පමණ වර්ධනය වී තිබෙනවා. වැඩි වන ධාරිතාව අනුව වරාය ප්‍රසාරණය කිරීමට වරාය අධිකාරියට අයත් මුදල්වලින් නැඟෙනහිර පර්යන්තය අමෙරිකන් ඩොලර් මිලියන 580ක් වැය කරමින් සංවර්ධන කටයුතු සිදු කරමින් පවතිනවා. ඒ අනුව ECT පර්යන්තය හරහා බහාලුම් විශාල ප්‍රමාණයක් හුවමාරු කරගැනීමට හැකි වනවා. එයින් ඉහළ ආදායමක් මෙරටට උපයාගැනීමට හැකියාව පවතිනවා.”


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT