Local

කඩුවෙල රථ වාහන තදබදය අවම කරන්න කඩිනමින් පියවර ගන්නවා -ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන

Tuesday, 23 January 2024 - 5:22 am

කඩුවෙල නගරයේ පවතින අධික රථ වාහන තදබදය අවම කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

කඩුවෙල නගරයේ දීර්ඝ කාලයක් තිස්සේ පවතින අධික රථ වාහන තදබදයෙන් මහජනතාවට සිදුවෙන හිරිහැරයන් පිළිබඳ ලැබෙන මහජන පැමිණිලි පිළිබඳ අවධානය යොමු කර එය නිරීක්ෂණය කිරීම සඳහා පසුගියදා පෙරවරුවේ කඩුවෙල නගරය වෙත ගිය විෂය භාර ඇමැති බන්දුල ගුණවර්ධන මහතා එහිදී එසේ කියා සිටියේය.

රථ වාහන තදබදය අවම කිරීම සඳහා දැනට පවතින බස් රථ නැවතුම්පොළවල් පිළිබඳ නියාමනයක් කර මහජනතාවට හිරිහැරයක් නොවන ස්ථානවල ඒවා ස්ථාපිත කිරීමට කටයුතු කරන ලෙස පොලිසිය ඇතුළු අදාළ පාර්ශ්ව වෙත ඇමැතිවරයා උපදෙස් ලබා දුන්නේය.

කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාමික මේජර් ප්‍රදීප් උදුගොඩ, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතලුවගේ, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර, කඩුවෙල නාගරික කොමසාරිස් දිල්රුක්ෂි ගමගේ මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන්, කඩුවෙල වෙළෙඳ ප්‍රජාව මෙම අවස්ථාවට එක්ව සිටියහ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT