Local

අන්තර්ජාල ළම‍ා හිංසන මඬින මාර්ගගත ප්‍රවේශය එළිදකී

Monday, 01 April 2024 - 7:52 am

අන්තර්ජාලය වෙත යොමු කර ඇති හා සමාජ මාධ්‍ය ජාලා මඟින් හුවමාරු වන ළමයින්ගේ නිරුවත් ඡායාරූප හා අසභ්‍ය වීඩියෝ දර්ශන කඩිනමින් ඉවත් කිරීමේ මාර්ගගත ප්‍රවේශය එළිදැක්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පසුගිය 28 දා සිදු විය.

ළමා ලිංගික අපයෝජන සිදුවීම් අඩංගු හෝ අඩංගු විය හැකි වෙබ් අඩවි, ඡායාරූප සහ වීඩියෝ දර්ශන හේතුවන් ළමයින් සයිබර් අවකාශයේදී හිංසනයට ලක් වීම වර්තමානයේ විශාල ගැටලුවක්ව පවතී. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් ලෝකයේ ප්‍රමුඛතම අන්තර්ජාල ළමා ආරක්ෂාව තහවුරු කිරීමේ ආයතනයක් වන එක්සත් රාජධානියේ ඉන්ටර්නෙට් වොච් ෆවුන්ඩේෂන් (Inte et Watch Foundation – IWF) ආයතනය සමඟ එක්ව මේ වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙන අතර, මෙහි මූල්‍ය අනුග්‍රාහකත්වය Save the Children සහ Child Fund යන ආයතන විසින් සපයනු ලැබේ.

මේ මාර්ගගත ක්‍රමවේදය හඳුන්වා දීමෙන් පසු ඕනෑම අයකුට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ www.childprotection.gov.lk වෙබ් අඩවිය වෙත පිවිස අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වන අසභ්‍ය ළමා ඡායාරූප සහ වීඩියෝ දර්ශන ආදිය පිළිබඳ වාර්තා කළ හැකි අතර, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සම්බන්ධීකරණයෙන් IWF සංවිධානය විසින් අදාළ ඡායාරූප, වීඩියෝ දර්ශන අන්තර්ජාලයෙන් ඉවත් කිරීම සහ සැකකරුවන් පිළිබඳ නිවැරදි තොරතුරු ප්‍රදේශයට අදාළ පොලිස් ස්ථාන වෙත හෝ අදාළ අපයෝජනයට ලක් වූ අය වෙනුවෙන් පෙනී සිටින ආයතන වෙත සැපයීම සිදු කෙරේ.

මේ පිළිබඳ වැඩිදුර විස්තර 0112 778911 (දිගුව 269) ඔස්සේ නීතිය බලාත්මක කිරීමේ අංශය අමතා හෝ www.childprotection.gov.lk නිල වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.

කාන්තා හා ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යංශයේ ලේකම් යමුනා පෙරේරා, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදයකුමාර අමරසිංහ  සහ ළමා ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ක්‍රියාකාරිව කටයුතු කරන ආයතනවල නියෝජිතයන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ඉන් අනතුරුව ළමා ආරක්ෂාව තහවුරු කිරීම පිළිබඳ අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කර ඇති අධීක්ෂණ කමිටුවේ සාමාජිකයන් සමඟ හමුවකටද ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක් විය. ඒ කමිටු වාර්තාව පසුගිය ඔක්තෝබරයේදී ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබූ අතර, බහු පාර්ශ්වකරුවන් සමඟ පුළුල් උපදේශන ඔස්සේ සකස් කරන ලද එම වාර්තාවේ ළමා ආරක්ෂාව තහවුරු කිරීමට අදාළ කෙටිකාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

ළමා ආරක්ෂණ පද්ධතිය තුළ කටයුතු කරන විවිධ වූ ආයතන සඳහා නිර්දේශ ක්‍රියාවට නැංවීමේ පළමු පියවර ලෙස කමිටුව විසින් අදාළ අංශ සහ ආයතන ඉලක්ක කරගත් කෙටිකාලීන නිර්දේශ කිහිපයකට ප්‍රමුඛත්වය දී ඇති බවත්, එය මාස 6ක් ඇතුළත ක්‍රියාත්මක කිරීමටත් එම ගැටලුවල බරපතළකම අනුව ඒවාට ප්‍රමුඛත්වය දී ඇති බවත් මෙහිදී අනාවරණය කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දුන්නේ ළමා ආරක්ෂාව තහවුරු කිරීම පිළිබඳ මෙතෙක් පැවති කිසිදු රජයක නිසි අවධානයක් යොමු නොවීම හේතුවෙන් අද එය බරපතළ ගැටලුවක් වී ඇති බවයි. පවතින සංකීර්ණතාව තුළ මේ ගැටලුවට කඩිනම් විසඳුම් සෙවීම අසීරු වුවද රටේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු සෑම පියවරක්ම ගන්නා බවද ඔහු පැවසීය.

අදාළ කමිටු වාර්තාවේ නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා අදාළ අමාත්‍යාංශ, පොලිසිය සහ ළමා සුරැකුම් සහ පරිවාස සේවා නිලධාරීන් ඇතුළු සියලු පාර්ශ්ව මේ සඳහා කැප වී කටයුතු කිරීමේ අවශ්‍යතාවද පැහැදිලි කළේය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක ඇතුළු අදාළ අමාත්‍යාංශවල ලේකම්වරුද, නීතිපති සංජය රාජරත්නම්, සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්  සහ ළමා ආරක්ෂණයට අදාළ රේඛීය ආයතනවල ප්‍රධානීහු මේ සාකච්ඡාවට එක් වූහ.


Top Stories
wedivistara

අද සිට විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක කෙරේ

wedivistara

පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ සුපිරි වෙළෙඳසැලකට මිලියන 2ක දඩයක්

wedivistara

බෙල් 212 හෙලිකොප්ටරයක් මාදුරුඔය ජලාශය​ට කඩා වැටෙයි

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ලෝක බැංකු සභාපති ජනපති හමු වෙයි

wedivistara

නව පාප් වහන්සේ තේරී පත්වීම සංකේතවත් කරන සුදු දුමාරය පිටවෙයි

Trending
wedivistara

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

wedivistara

නවක වදය ගැන දැනුම්දීමට සෑම විශ්ව විද්‍යාලයකටම නිලධාරියෙකු බැගින් යෙදවීමට තීරණයක්

wedivistara

ජුනි මාසයේදී විදුලි බිල සුළු ප්‍රමාණයකින් වැඩි වේවි - ජනපති

wedivistara

සජබ ප්‍රධානත්වයෙන් කොළඹ බලය පිහිටුවීමට සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරනවා - මුජිබර් රහුමාන්

wedivistara

පළාත් පාලන ඡන්දයේ නිහඬ කාලසීමාව ඇරඹෙයි

wedivistara

අත්අඩංගුවට ගත් ලොකු පැටී බෙලරුස් සිට මෙරටට ගෙන එයි


NEWS ALERT