Local

ආර්ථිකය නැවත කඩා වැටීමේ අවධානමක් නෑ - සාර්ථක ආර්ථිකයකට අඬිතාලම දැමීමේ මුල් පියවරට ඇතුළ් වුණා

Tuesday, 21 November 2023 - 5:35 pm

ආර්ථිකය නැවත කඩා වැටීමේ අවධානමක් නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අය වැය දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමිනි.

රටක,අයවැයකට ලැබිය යුතු සාකච්ඡාව මේ පාර්ලිමේන්තුවේ ලැබුනේ නෑ. මෙරට මිලියන 22ක් ජනතාවගේ ආර්හික අර්බුදයක් මැද අපි ඉන්නේ. එම ආර්ථික අර්බුදය විසඳීම මේ පාර්ලිමේන්තුවේ සියලු දෙනාගෙ වගකීමයි.

අද ආර්ථිකය ස්ථාවරයක් වෙත ගෙන යන්න හැකි වුණේ,අසීරුවෙන් වුවත් 2023 අයවැය ක්‍රියාත්මක කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ණය හිමියන් සමඟ වැඩ කළ නිසයි.

මේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල,ආර්ථික වශයෙන් අසීරුම කාලෙ,ජනතාව ඒ වෙනුවෙන් කටයුතු කළා. මේ රටේ ආර්ථිකය වර්ධනයක් වෙත ගමන් කිරීම සඳහා අවශ්‍ය ස්ථාවරත්වය මේ වනවිට අපි ළඟා කරගෙන තිබෙනවා. බොහෝ අයගේ බලාපොරොත්තුව තිබෙන්නේ නැවත ආර්ථිකය බිඳ වැටිලා, මේ රට සම්පූර්ණයෙන් ම අස්ථාවර වෙලා, ජනතාව දුක් විදලා, තම දේශපාලන කඳවුර ශක්තිමත් කර ගන්න බලනවා.

වඩා හොඳ ශක්තිමත් මූල්‍ය රාමුවක් සකස් කරගැනීමේ ශක්තිය අපට තිබෙනවා. වඩා හොඳ විනිවිදභාවයකින් යුතු නීති මාලාවක් ඇතුළත් කරගැනීමේ හැකියාවක් තිබෙනවා.පවතින තත්ත්වය අධ්‍යයනය කරලා, එවැනි තත්ත්වයක් නැවත ඇතිවීම වැළැක්වීම සඳහා රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත රජය ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ.

 

අයවැයෙන් පීඩාවට පත් වූ දිළිඳු හා අඩු ආදායම්ලාභී ජනතාවට මෙහි උත්තේජනයක් තිබෙනවා. අස්වැසුම ක්‍රියාත්මක කිරීම මිලියන 20ක් පවුල් ඒකක වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා. 2023 වසරේ ජූලි සහ ගෝස්තු මාසය වෙනුවෙන් ගෙවීම් සිදු කර තිබෙනවා. අද වනවිට මහාභාණ්ඩාගාරය අස්වැසුම ප්‍රතිලාභීන් දහතුන් ලක්ෂ හැත්තෑ හත් දහසක් සඳහා රුපියල් මිලියන 8571ක මුදලක් බැංකුවට බැර කිරීමක නියමිතයි. ලබන බ්‍රාස්පතින්දා වනවිට අදාළ බැංකු වලින් ප්‍රතිලාභීන්ට බැරකරයි කියලා බලාපොරොත්තු වෙනවා. මේ වසරේ දෙසැම්බර් වනවිට සියලු ගෙවීම් අවසන් කරන්නත් 2024 අස්වැසුම අයදුම් පත් කැඳවීම දෙසැම්බර් මාසයේ අවසානයේ ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.

 

සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින් වෙනුවෙන් මෙවර අයවැය කටයුතු කර තිබෙනවා. අපි සාර්ථක ආර්ථිකයකට අඬිතාලම දැමීම සඳහා මුල් පියවරට හා ඒ සඳහා සාර්ථකව ඇතුළත් වුණා. අපි බලාපොරොත්තු වෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබාගැනීම සඳහා විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාව ඉතාම කඩිනමින් ලබාගැනීමේ හැකියාව තිබෙනවා කියලා. සෘජුවම පවුල් ලක්ෂ හතළිස් හතකට ප්‍රතිලාභ ලැබෙන අයවැය ලේඛනයක් බවට මෙම අයවැය ලේඛනය පත්ව තිබෙනවා. ඉතාම කල්පනාකාරිව කටයුතු කළ යුතුයි.අලුත් ක්‍රමයට අපි ගමන් කළ යුතුයි '' යැයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.


Top Stories
wedivistara

වැලිවේරියේ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබයි

wedivistara

සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

අපරාධ සැකකරුවකුගේ ඡායාරූප සමාජ මාධ්‍ය තුළ සංසරණය වීමේ බලපෑම

wedivistara

පොලිස්පති ඉන්න තැන ගැන නියෝජ්‍ය ඇමතිතුමා දන්නවා කිව්වානේ, ඇයි අපෙන් අහන්නේ? - නාමල්

wedivistara

අද කාලගුණ නි‍වේදනය

Trending
wedivistara

අනුරාධපුර රෝහලේ 'රාජකාරියේ යෙදී සිටි වෛද්‍යවරියක' දූෂණයට ලක් කිරීම ගැන විමර්ශනයක්

wedivistara

අධිවේගී මාර්ගයට යළිත් STF යෙදවීමට පියවර

wedivistara

ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති කැපී පෙනෙන ප්‍රගතිය පිළිබඳව සුබ පතනවා - IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය

wedivistara

දේශබන්දුයි, සෙව්වන්දියි ඉන්න තැන වටගල දන්නවා නම්, ඇයි අත්අඩංගුවට ගන්නේ නැත්තේ? - අජිත් පී. පෙරේරා

wedivistara

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව කොළඹ වාහන දුම් පරීක්ෂා කිරීම සම්බන්ධ වැටලීම් අද සිට

wedivistara

ජාත්‍යන්තර කාන්තා දිනය අදයි


NEWS ALERT