Local

”Ceylonese Crab” සිංගප්පූරුවට ශ්‍රී ලාංකේය ආහාර කලාව හඳුන්වදෙයි

Sunday, 04 February 2024 - 6:41 pm

ලෝකයේ කුමන රටක සිටියත් ශ්‍රි ලාංකයෝ දේශීය කුළුබඩු රසින් රසවත්වූ දේශීය ආහාර සඳහා දැඩි කැමත්තක් දක්වති . එහෙයි බොහෝ විදෙස් රටවල ලාංකේය අවන්හල් බිහිවීම සුලබ අත් දැකීමක් බවට පත්වෙමින් පවති.

එහෙත් චීන සහ ඉන්දියානු ආහාර රටාවකට වැඩි නැඹුරුවක් සහිත සිංගප්පූරුවේ සිටිනා ශ්‍රී ලාංකිකයන් හට සැබෑ ශ්‍රී ලාංකේය ආහාර විඳගැනිම පහසු නොවීය. ඒ අඩුව පුරවාලමින් පූර්ණ ලාංකේය කෑම වට්රෝරුවලින් සමන්විත ලාංකේය අවන්හලක් ”Ceylonese Crab” නමින් පසුගිය 2 වනදා සිංගප්පූරුවේදී විවෘත විය.

සිංගප්පූරුවේ සිටිනා ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙක් වන නුවන් බණ්ඩාර සිය ව්‍යාපාර ජාලය පුළුල් කරමින් ඉදිකළ මෙම නව අවන්හල සිංගප්පූරුවේ East cost Park හී පිහිටි Seafood Center හී Blk 1202 පිහිටා ඇත.

”Ceylonese Crab” සමාරම්භක අවස්තාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස එරට ශ්‍රීලංකා මහකොමසාරිස් සෙනරත් දිසානායක සහභාගී විය. මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ සිදුවූ ”Ceylonese Crab” සමාරම්භයට ලාංකිකයන් ඇතුළු විශාල පිරිසක් එක් විය.

මුළුමනින්ම ලාංකේය සැරසිළි සහ ගෘහ අලංකාර රටවන්ගෙ හැඩගැන්වී ඇති ”Ceylonese Crab” හීදී ලාංකේය ආහාර පමණක් නොව දේශීය ගෘහ නිර්මාණ ශිල්පය, අත්කම් සහ ගෘහ අලංකරණ රටාවන් ගැනද අවබෝධයක් ලබාගැනිමට පුළුවන.

ශ්‍රී ලාංකිකයන් තරමටම විදේශිකයන් අතරද ”Ceylonese Crab” ආහාර සඳහා ඉහළ ජනප්‍රිය බවක් හිමිබවත් ඇතිබවත්, භූමීය මායිම් බිඳ දමමින් ලාංකේය ආහාර කලාව ලෝකයට ගෙන යාමට ”Ceylonese Crab”සමත්ව ඇති බවත් වාර්තා වේ.


Top Stories
wedivistara

වෙසක් උත්සවය වෙනුවෙන් සුරාසල් දින 03 ක් වැසෙයි

wedivistara

නීතිඥ කාමරයේ තිබූ ලැප්ටොප් එක උස්සලා

wedivistara

FitsAir ගුවන් සමාගම, ව්‍යාපාරික පන්තිය හඳුන්වා දෙයි

wedivistara

Hayleys Solar Powers වෙළෙඳපොළට හඳුන්වා දෙයි

wedivistara

තොරතුරු තාක්ෂණය ආර්ථිකයේ ප්‍රමුඛ අපේක්ෂාවක්

wedivistara

කෝටි දෙකක මංකොල්ලයක් සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට

Trending
wedivistara

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

wedivistara

නවක වදය ගැන දැනුම්දීමට සෑම විශ්ව විද්‍යාලයකටම නිලධාරියෙකු බැගින් යෙදවීමට තීරණයක්

wedivistara

ජුනි මාසයේදී විදුලි බිල සුළු ප්‍රමාණයකින් වැඩි වේවි - ජනපති

wedivistara

සජබ ප්‍රධානත්වයෙන් කොළඹ බලය පිහිටුවීමට සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරනවා - මුජිබර් රහුමාන්

wedivistara

පළාත් පාලන ඡන්දයේ නිහඬ කාලසීමාව ඇරඹෙයි

wedivistara

අත්අඩංගුවට ගත් ලොකු පැටී බෙලරුස් සිට මෙරටට ගෙන එයි


NEWS ALERT