සම සෞඛ්‍ය ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය ආරම්භ කළ වැඩවර්ජනය අද (06) දිනයේත් ක්‍රියාත්මක වනවා.
සමසෞඛ්‍ය උපාධිධාරීන් බඳවාගැනීමේදී මතුව ඇති ගැටලු සහ උසස්වීම් ඇතුළු කරුණු 5ක් මුල්කරගනිමින් මෙම වැඩවර්ජනය ඊයේ (05) උදෑසන 8.00 ට ආරම්භ කළා.
මෙම වර්ජනය සඳහා වෛද්‍ය රසායනාගාර පර්යේෂණ වෘත්තිකයන්, ඖෂධවේදීන් ඇතුළු පරිපූරක වෛද්‍ය සේවාවට අයත් වෘත්තීන් 5ක් එක්ව සිටින බවයි සඳහන් වෙන්නේ.
කෙසේවෙතත් පිළිකා රෝහල, මාතෘ සහ ළමා රෝහල්, වකුගඩු රෝහල් සහ මධ්‍යම ලේ බැංකුව ඇතුළු විශේෂිත ආයතනවල වර්ජනය ක්‍රියාත්මක නොවන අතර රෝහල් තුළ හදිසි සහ අත්‍යවශ්‍ය ප්‍රතිකාර සේවා ක්‍රියාත්මක වන බවද ඔවුන් සඳහන් කළා.