අගමැති නිල නිවස වන අරලියගහ මන්දිරය ඉදිරිපිට තිබූ ආරක්ෂක කුටි මුළුමනින්ම ගලවා ඉවත් කර තිබේ.
කොළඹ මහ නගර සභාව විසින් බැකෝ යන්ත්‍ර යොදා මෙම මුරකුටි ගලවා සුන්බුන් ඉවත් කර ඇත.
මන්දිරය ඉදිරිපිටින් කොල්ලූපිටිය මුස්ලිම් පල්ලියේ සිට රොටුන්ඩා වට රවුම දක්වා දිවෙන මාර්ගය මහජනතාව සඳහා විවෘත කිරීමෙන් පසු මෙම පියවර ගෙන ඇත.
නව රජය විසින් මෙම උපදෙස් ලබා දී ඇත්තේ වත්මන් ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කිරීමෙන් අනතුරුවය.