Local

ඩෙංගු මාරයාට සරසවි සිසුවියක් බිලි වෙයි

Tuesday, 16 January 2024 - 7:37 pm

ඩෙංගු වැළඳී හොරණ රෝහලේ ප්‍රතිකාර ලැබූ 23 හැවිරිදි විශ්ව විද්‍යාල සිසුවියක් අද (16) උදෑසන මරණයට පත්වී ඇත.

මෙසේ  මරණයට පත් වී ඇත්තේ මානෙල් උයන, මාපුටුගල, පෝරුවදණ්ඩ  පදිංචි  23 හැවිරිදි හසිනි භාග්‍යා නැමති තරුණියකි.

පසුගිය 6 වන දින  උණ වැලදීම හේතුවෙන් හොරණ දිස්ත්‍රික් රෝහල වෙත ඇතුළත් කර අංක 5 වට්ටුවේ දින 5ක් ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර  පසුගිය 11 වන දින  පසුව දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කර ඇත.

ඉන් පසු දැඩි සත්කාර ඒකකය තුළ කළ පරීක්ෂණ වලදී ඩෙංගු බව සනාථ වී ඇත.

ඒ වන විටත් ඇය ඩෙංගු රක්තපාත මට්ටමේ අසාධ්‍යව සිට ඇති අතර  එසේ සිටියදී අද  උදෑසන 10.30  දැඩිසත්කාර ඒකකයේදී තරුණිය  මිය ගොස් ඇත.

මිය යන විට ඇය කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ පළවෙනි වසර ශිෂ්‍යාවක් වශයෙන් අධ්‍යාපනය ලබමින් සිට ඇත.

මේ පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය අද (16) දින  හොරණ හදිසි මරණ පරීක්ෂක සුමේධ ගුණවර්ධන මහතා විසින්සිදු කළ අතර ඩෙංගු රක්තපාත තත්ත්වය හේතුවෙන්  සිදුවූ මරණයක් ප්‍රකාශ කලේය.

 

 

 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT