Local

මාලිමාවේ ආගමික මතවාදය ගැන විමර්ශනයකට සී. අයි. ඩී.යට නියෝග

Thursday, 05 September 2024 - 8:27 pm

ඉදිරි ජනාධිපතිවරයෙන් පසු පිහිටුවනු ලබන ජාතික ජන බලවේගය රජයක් යටතේ කිසිදු ආගමකට ප්‍රමුඛත්වයක් නොමැති බවට හා සියලු ආගම් රජයෙන් වෙන් කරන බවට සඳහන් අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව ව්‍යාජ ලිපියක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (04දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

ජාතික ජන බලවේගය පක්ෂයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් කරන ලද පැමිණිල්ලක් අනුව ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළ අවස්ථාවේදී ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය. එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝගයක් ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය. පසුගිය 24 වැනිදා මහරගම තරුණ සේවා සභාවේ පැවැති සඟ සමුළුවකදී තම රජයක් යටතේ කිසිදු ආගමකට ප්‍රමුඛත්වයක් ලබානොදෙන බවට හා සියලු ආගම් එම රජයෙන් වෙන් කරන බවට ප්‍රතිපත්ති ප්‍රකාශනයක් සම්මත කරගෙන ඇති බවට අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව ව්‍යාජ ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර ඇති බවට සුනිල් හඳුන්නෙත්ති මහතා එම පැමිණිල්ල මගින් පෙන්වා දී තිබිණි. එසේ සම්මත කරගන්නා ලද ප්‍රතිපත්ති ප්‍රකාශයේ පිටපත් සියලුම මාධ්‍ය ප්‍රධානීන්ට හා මාධ්‍ය ආයතනවල කතුවරුන්ට යොමු කර ඇති බවට එම ව්‍යාජ ලිපියේ සඳහන් වන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එමගින් අධිකරණයට පෙන්වා දී තිබිණි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT