Local

ගාළු පාරේදී යතුරු පැදියකින් කාර් එකකට ගිනි අවියක් දෙයි.. ජනපතිගේ ආරක්‍ෂාව වහා තර කරයි..

Thursday, 08 August 2024 - 12:35 pm

අපවත්වී වදාළ ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලගොඩ ඤාණිස්සර හිමිගේ ආදාහන පූජෝත්සවයෙදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ශෝක ප්‍රකාශය කරමින් සිටියේය. එකවරම ජනාධිපති ආරක්ෂක අංශය තුළ නොසන්සුන් තත්ත්වයක් ප්‍රකට වන්නට විය. ආරක්ෂක අංශ සාමාජිකයෝ කඩිනමින් ජනාධිපතිගේ ආරක්ෂාව තර කිරීමට කටයුතු කරමින් සිටියෝය.

අවමංගල සභාවේ සිටි සියලු දෙනාටම මෙම හදිසි වෙනස වැටහුණි. නමුත් සිදු වන්නේ කුමක්දැයි කිසිවකුත් දැන සිටියේ නැත. තොරතුරු දැනගත් බලධාරීහුද මුවින් නොබැන ජනාධිපති ආරක්ෂක විධි විධාන තර කරමින් සිටියහ.

මීට හේතු වී ඇත්තේ බුද්ධි අංශ වෙතින් ලැබුණු හදිසි පණිවිඩයකි. පණිවිඩය නම් ගාලුපාරේදී යතුරු පැදිකරුවකු විසින් මෝටර් රථයකට ගිනි අවියක් ලබා දී ඇති බවයි. මැතිවරණයක් ප්‍රකාශ කර ඇති මොහොතක, මහ දවල් කොළඹ නගරය මැද ගිනි අවියක් හුවමාරු වීම පිළිබඳ පණිවිඩයෙන් ජනාධිපති ආරක්ෂක අංශයේ ඔළුව ගිනි ගැනුණි.

ඇමරිකාවේ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ඉලක්ක කරගෙන එල්ල කළ වෙඩි ප්‍රහාරයේ අත්දැකීම්ද ඇති ආරක්ෂක අංශවල අවධානය එක වරම යොමු වී ඇත්තේ ගංගාරාමයේ පැවැත්වෙන විවෘත වැඩසටහන අතරතුර ජනාධිපතිවරයා ඉල්ක්ක කරගෙන කිසියම් අපරාධයක් කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වනවාද යන්න පිළිබඳයි.

කෙසේ වෙතත් බුද්ධි අංශවලට වාර්තා වූ තොරතුර ඔස්සේ අදාළ යතුරු පැදියේ හා මොටර් රථයේ ලියාපදිංචි අංකද ලැබී තිබිණි. කඩිනමින් ක්‍රියාත්මක වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම ත්‍රස්ත විමර්ශන ඒකකය ද අංක තහඩු තොරතුරු ඔස්සේ අදාළ වාහන කාගේදැයි සොයා බැලීමක් කළේය. එහිදී අනාවරණය වූ තොරතුරු බලධාරීන්ගේ ඔළු කුරුවල් කිරීමට සමත්විය.

අදාළ යතුරු පැදිය ආරක්ෂක අංශයට සම්බන්ධ ප්‍රබලයකුගේ නමට ලියාපදිංචි කර තිබුණු අතර මොටර් රථය ප්‍රබල දෙශපාලනඥයකුගේ බිරියගේ නමට ලියාපදිංචි කර තිබිණි.

තව දුරටත් සිදු කළ විමර්ශනවලදී අනාවරණය වි ඇත්තේ ගංගාරාම විහාරාධිපති හිමිගේ ආදාහන පූජෝත්සවයට අදාළ දේශපාලන ප්‍රබලයාද පැමිණ තිබුණු අතර ඔහුගේ ආරක්ෂකයකුගේ අමතකව දමා ආ ගිනි අවියක් යතුරු පැදියෙන් පැමිණ මහ මගදී මෙලෙස ලබා දී ඇති බවයි. ගිනි අවිය ගෙනවිත් දීමේ වරදක් නැතත් එය ලබාදීමේදී අනුගමනය කළ ක්‍රියා පිළිවෙතේ අවිධිමත් බව නිසා නිකරුණේ පිරිසකගේ ලේ පිච්චුණු බවනම් කිව යුතු යැයි තොරතුර පැවසූ ආරංචි මාර්ග වැඩ දුරටත් සඳහන් කළේය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT