Local

ජගත් සාගර දින ජාතික වැඩසටහන කොළඹ වරාය නගරයේදී

Monday, 09 June 2025 - 9:41 pm

ජුනි මස 08 වැනි දිනට යෙදී ඇති ජගත් සාගර දිනය නිමිත්තෙන්, සාගරයේ පාරිසරික හා ආර්ථික වැදගත්කම සහ අනාගතය වෙනුවෙන් සාගරය රැක ගැනීමේ වැදගත්කම සම්බන්ධයෙන් ප්‍රජාව දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන 2025 ජූනි මස 08 වැනි දින කොළඹ වරාය නගර පරිශ්‍රයේදී පැවැත්විණි.

සාගරය ජීවයේ සම්භවය සිදු වූ සහ ජීවයේ පැවැත්ම තීරණය වන සුවිශේෂී ස්ථානයක් බැවින්, මානුෂීය ක්‍රියාකාරකම් හේතුවෙන් සාගරයේ ජෛව විවිධත්වයට සිදුවන අහිතකාරී බලපෑම වැළැක්වීම සඳහා ලෝක ප්‍රජාව දැනුවත් කිරීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ජුනි මස 08 වැනි දින ජගත් සාගර දිනය ලෙස නම් කර ඇති අතර, මෙවර එහි තේමාව වන්නේ “Wonder: Sustaining what Sustains us” යන්නයි.

ඒ අනුව “අපි රකින අසිරිමත් මහ සයුර සුරකිමු” යන තේමාව පෙරදැරිව පැවැත්වුණු මෙම ජගත් සාගර දින ජාතික වැඩසටහන මගින්, දූපත් රාජ්‍යයක් ලෙස සාගරික සම්පත් සුරැකීම සඳහා ශ්‍රී ලංකාවට ඇති ජාත්‍යන්තර බැඳීම සහ ශ්‍රී ලංකාවේ ගොඩබිම මෙන් අට ගුණයක් විශාල ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයේ සම්පත් අනාගත පරපුර වෙනුවෙන් රැකදීම සඳහා, මානුෂීය ක්‍රියාකාරකම් හේතුවෙන් සාගරය දූෂණය වීම වළක්වා, අනාගත පරපුර වෙනුවෙන් සාගරය සුරැකීමේ වැදගත්කම සම්බන්ධයෙන් සහ නීති විරෝධී, වාර්තා නොකළ හා නියාමනය නොවන ධීවර කර්මාන්තය සම්බන්ධයෙන් ප්‍රජාව දැනුවත් කිරීම සිදුකෙරිණි.

විශේෂයෙන් කර්මාන්ත තුළින් පරිසරයට මුදා හැරෙන ප්ලාස්ටික් පොලිතින් ඇතුළු නොදිරන ඝන කැලිකසල සහ මිනිසුන් විසින් නොසැලකිලිමත් ලෙස ප්ලාස්ටික් හා පොලිතින් පරිසරයට බැහැර කිරීම හේතුවෙන්, ගංගා ඇළ දොළ ඔස්සේ සාගරයට එම ඝන අපද්‍රව්‍ය මුසුවීමෙන්, ආහාර දාම ඔස්සේ ක්ෂුද්‍ර ප්ලාස්ටික් මිනිසාගේ ශරීරයට එක්වීම දිගුකාලීන සෞඛ්‍ය ගැටලු ඇති කිරීමට හේතුවන බවද එහිදී ජනතාව දැනුවත් කෙරිණි.

කොළඹ වරාය නගර පරිශ්‍රයේ පැවති ජගත් සාගර දින ජාතික වැඩසටහන සඳහා, ශ්‍රී ලංකා නාවික හමුදාව සාගරයේ ජෛව විවිධත්වය සුරැකීම සඳහා සිදු කරනු ලබන පුළුල් පරාසයක මෙහෙයුම් සහ සමාජ සත්කාරක වැඩසටහන් පිළිබඳ ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් ප්‍රදර්ශණ කුටියක් ස්ථාපිත කිරීමට කටයුතු සම්පාදනය කෙරුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ සහභාගි විය.

තවද, ‘පරිසමාප්ත ජීවිතයක් - සුවපහසු රටක්’ යන රජයේ දැක්මට අනුව, ‘තිරසාර ජෛව ලෝකයක් - සදාහරිත ජීවිතයක්’ යන සංකල්පය යතාර්ථයක් කර ගැනීම වෙනුවෙන්, සාගරය සහ වෙරළ කලාපයේ තිරසාර පැවැත්ම සඳහා කැපවන නාවික හමුදාව, සමුද්‍රීය පරිසරයේ ජෛව විවිධත්වය සුරැකීම වෙනුවෙන් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනයන් හා එක්ව ප්‍රජා සත්කාරක දායකත්වය ලබා දීමට සහ ප්‍රජාව බලගැන්වීම සඳහා නිරතුරුව කැපවී සිටියි.

 
 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT