Local

‘යුක්තියට’ මල්වතු අස්ගිරි මහ නාහිමිවරු ආශීර්වාද කරති

Thursday, 18 January 2024 - 2:53 pm

ඇමැති ටිරාන් අලස් මහ නාහිමි අනුනාහිමි සිවු නම බැහැදකී

මත් උවදුරින් රට මුදා ගැනීමත් අපරාධ රැල්ල පාලනය කිරීමත් මූලික කර ගනිමින් ආරම්භ කළ යුක්තිය මෙහෙයුමට ආශිර්වාද කරමින් එය අවසානයක් දක්වා කරගෙන යන ලෙස මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක හිමිවරුන් දෙනම හා අනුනායක හිමිවරුන් සිව්නම ඊයේ (17) මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතාට දැනුම් දුන්හ.

කුමන බාධක ආවද මේ මෙහෙයුම් නතර නොකරන ලෙසත් මත් උවදුරින් රට මුදා ගැනීම ජාතික අවශ්‍යතාවක් බවත් මහනාහිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නය පැවසූහ.

යුත්තිය මෙහෙයුමට මාසයක් පිරීම නිමිත්තෙන් ඇමැති ටිරාන් අලස් මහතා ඊයේ (17) මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්ට ගොස් එම පාර්ශ්වයන්හි මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම හා අනුනායක හිමිවරු සිව්නම බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

යුක්තිය මෙහෙයුමේ ප්‍රගතිය සම්බන්ධයෙන් මහාසංඝරත්නය දැනුවත් කළ ඇමැතිවරයා, මත් උවදුර හා පාතාලය නිසා පීඩාවට පත්ව සිටින ජනතාව තමන් වෙත දුරකතනයෙන් කතා කර මෙහෙයුම පිළිබඳව ප්‍රශංසා මුඛයෙන් කතා කරන්නේ යැයි පැවසීය.

මත් උවදුර නිසා පාසල් ළමයින් ඇතුළු බොහෝ පිරිසක් ජීවිත අඳුරු කරගෙන තිබෙන බවත් මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීමට මෙවැනි වැඩපිළිවෙළක් සම්බන්ධව ජනතාව කලක පටන් අපේක්ෂාවෙන් පසු වූ බවත් හිමිවරු පැවසූහ.

මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහානාහිමිවරු ද මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමිවරුන් වන නියංගොඩ ශ්‍රී විජිතසිරි, දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමිවරු ද අස්ගිරි පාර්ශ්වයේ අනුනායක හිමිවරුන් වන වේඬරුවේ උපාලි, ආණමඩුවේ ධම්මදස්සී නාහිමිවරුද බැහැදැක ඇමැතිවරයා යුක්තිය මෙහෙයුමට උන්වහන්සේලාගේ ආශිර්වාද ලබා ගත්තේය.

යුක්තිය මෙහෙයුමට සම්බන්ධ වී සිටින පොලිසිය ඇතුළු ආරක්ෂක අංශයේ සියලු දෙනාට ආශිර්වාද කරමින් දළදා සමිඳුන් වැඳ පුදා ගත් බව ද ඇමැතිවරයා මෙහිදී පැවසීය.

යුක්තිය මෙහෙයුම සාර්ථක කර ගැනීමට ජනපතිවරයා උපරිම සහාය දෙන බවත් එය නතර කරන ලෙස තමන්ට කිසිවකුගෙන් හෝ බලපෑම් එල්ල නොවන බවත් කී ඒ මහතා, මෙහෙයුම සම්බන්ධයෙන් විවේචනය ඉදිරිපත් කරන්නේ කුඩු සල්ලිවලින් යැපෙන සුළු පිරිසක් යැයි ද අවධාරණය කළේය.

විදෙස් රටවල සිට අපරාධ හා මත්ද්‍රව්‍ය ජවාරම් කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව මෙහිදී මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධර්ථ සුමංගල මහනාහිමියෝ පැවසූහ.

මිනිස් ඝාතන මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිට ඩුබායිහි සැඟව සිටින පුද්ගලයන් හඳුනා ගැනීමෙන් පසු ඔවුන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ඩුබායි රජය සමඟ සාකච්ඡා කරන බවත් නම ගිය අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර තිබෙන බවත් ටිරාන් අලස් මහතා පැවසීය.

මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.


Top Stories
wedivistara

ඉහළ කොත්මලේ ජලාශයට පහළින් සිටින ජනතාවට විශේෂ දැනුම්දීමක්

wedivistara

උඩරට මාර්ගයේ දුම්රියක් පීලි පනියි

wedivistara

පළාත් පාලන ආයතන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍ර නිකුත් කෙරේ

wedivistara

මත්කුඩු කිලෝ 3.6ක් සමඟ අයෙකු අත්අඩංගුවට

wedivistara

අයහපත් කාලගුණ තත්ත්වය අද සිට ක්‍රමයෙන් පහව යන ලකුණු

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

තුසිත හල්ලොලුවගේ රථයට වෙඩි තැබීම සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT