මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය අතර 105 වැනි වරටත් පැවැත්වෙන කන්ද උඩරට නිල් මහා සටන අද (15) ආරම්භ වනවා.
ඒ අනුව අද සහ හෙට (16) මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේ දී මෙම තරගය පැවැත්වෙනවා.
මෙවර මහ තරගයේ දී ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම මංජුල කුලරත්න වෙත පැවරී ඇති අතර ශාන්ත අන්තෝනී විද්‍යාලයීය කණ්ඩායම තිසර ඒකනායක විසින් මෙහෙයවීමට නියමිතයි.