Local

සෙවණගල සීනි කර්මාන්තශාලාව ගැන රජයෙන් දුන් සහතිකය

Sunday, 01 June 2025 - 9:04 pm

ලංකා සීනි සමාගමේ සෙවණගල කර්මාන්තශාලාව වැසී යාමට කිසිදු විටෙක ඉඩ නොදෙන බව, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති අවධාරණය කරනවා. 

 
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, සීනි කර්මාන්තයේ වත්මන් තත්ත්වය පැහැදිලි කිරීම සඳහා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්. 
 
සෙවණගල සීනි කර්මාන්තශාලාව ආශ්‍රිතව අක්කර 25,000කට අධික ප්‍රමාණයක උක් වගා කරන අතර, අක්‍රමවත් පරිපාලනය හේතුවෙන් සීනී කර්මාන්තශාලාව වැසී යාමේ අවදානමක් මේ වනවිට මතුව ඇති බව පසුගියදා ගොවීන් චෝදනා කළා. 
 
සෙවණගල සීනි කර්මාන්ත ශාලාවෙන් සීනි නිෂ්පාදනය කිරීම සඳහා උක් ලබා නොගන්නා බවත් ඒ හේතුවෙන් ඇතැම් ස්ථානවල උක් අස්වනු ගොඩ ගසා ඇති බවත් ගොවීන් ප්‍රකාශ කළා. මාර්ගය දෙපස උක් ප්‍රවාහනය කරන වාහන නවතා දමා තිබෙන අයුරු ද ඒ දිනවල දක්නට ලැබුණා. 
 
එවන් පසුබිමක, ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් විෂයභාර අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පැවසුවේ, සෙවණගල සීනි කර්මාන්තශාලාව වැසී යාමේ කිසිදු අවදානමක් නොමැති බවයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT