Local

10,000කට ජපානයේ රැකියා අවස්ථා

Tuesday, 30 January 2024 - 9:23 pm

“අලුත් ගමක් අලුත් රටක් ව්‍යවසායක රාජ්‍යයක්” යන සංකල්පය යටතේ දිළිඳු සහ අන්ත දිළිඳු පවුල් අතරින් ලක්ෂ 12ක් සවිබල ගැන්වීමට අපේක්ෂා කරන බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා පැවසීය.

එසේම ජපන් භාෂා ප්‍රවීණතා විභාගය සමත්වූවන් 10,000ක් විදේශගත කිරීම සිදු කරන බව ද තවත් විදේශ රැකියා ලක්ෂයක් මෙම වසරේ ලබාදීමට සැලසුම් කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (30) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා මෙසේ ද පැවසීය,

මෙම වසරේ අපට තිබෙන ප්‍රධානම කාර්යය වන්නේ, අස්වැසුම නම් වූ සමාජ ආරක්ෂණ ක්‍රමවේදය ලක්ෂ විස්සක් වන ප්‍රතිලාභීන්ට ලබාදීමයි. “අලුත් ගමක් අලුත් රටක් ව්‍යවසායක රාජ්‍යයක්” යන සංකල්පය යටතේ දිළිඳු සහ අන්ත දිළිඳු පවුල් අතරින් ලක්ෂ 12ක් සවිබල ගැන්වීමට ද අපේක්ෂා කරනවා. එයින් ලක්ෂ 03ක් සවිබල ගැන්වීම මෙම වසර තුළ සිදු කරනවා.

මෙහිදී ප්‍රතිලාභීන් වෙත මුදල් ලබා දීමේ ක්‍රියාවලියෙන් ඔබ්බට ගොස් ඔවුන් සවිබල ගැන්වීම අපගේ මුඛ්‍ය පරමාර්ථය වනවා. ඒ සඳහා මෙතෙක් පැවති ක්‍රමවේදය වෙනස් කිරීමට ද අප තීරණය කර තිබෙනවා. ඒ අනුව විදේශ රැකියා ලබාදීම ද අප සිදු කරනවා. ජපන් භාෂා ප්‍රවීණතා විභාගය සමතුන් 10,000ක් විදේශගත කිරීම සිදු කරනවා. ඊට අමතරව විදේශ රැකියා ලක්ෂයක් ලබාදීමට ද ඉලක්ක කරගෙන සිටිනවා.

ඒ වගේම ප්‍රතිලාභීන්ට වෘත්තීය පුහුණු සඳහා ප්‍රතිපාදන ලබාදීමට අප සූදානමින් සිටිනවා. තවද කෘෂිකර්මය සඳහා අවශ්‍ය අපනයන බෝග වගා කිරීම සඳහා යොමු කරවීම ද සිදු කරනවා. විදේශ වෙළඳ පොල ඉලක්ක කරගනිමින් ප්‍රධාන වශයෙන් තේ, කුරුඳු සහ ගම්මිරිස් වැනි භෝග කෙරෙහි එහිදී අවධානය යොමු කරනවා. ව්‍යවසායක අරමුදලක් ආරම්භ කිරීමට ද අප විසින් යෝජනා කර තිබෙනවා.

එමෙන්ම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ද සංවර්ධනය කළ යුතුයි. ඒ සඳහා සමෘද්ධි නිලධාරීන් සහ කළමණාකරුවන් 25,000කට අධික පිරිසකට උසස්වීම් ලබා දීමට කටයුතු කරනවා. ඒ අතරින් 2000කගේ පමණ උසස් වීම් ලබාදීම ලබන අප්‍රේල් මාසය වන විට සිදු කරනවා. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් කටයුතු කරන ආයතනයක් වනවා වෙනුවට, ව්‍යවසායකත්ව ප්‍රවර්ධනය කරන ආයතනයක් බවට පත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අරමුණයි.

එසේම තරුණ ප්‍රජාව තවදුරටත් වෘත්තීය පුහුණුව සඳහා යොමු කරවීමට චීනය සමඟ ද ගිවිසුම් තුනකට අත්සන් තබා තිබෙනවා.

 
 
 
 


Top Stories
wedivistara

මෛත්‍රී නිදහස් පක්ෂ සභාපති ධුරයෙන් ඉවත් වෙයි

wedivistara

අපි කියන වැදගත් දේශපාලන සංකල්ප වත්මන් පාලකයින් විකෘති කරමින් ඉන්නවා - අනුර

wedivistara

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් පොලී අනුපාත ගැන විශ්ලේෂණයක් කිරීමට රජයෙන් පියවර

wedivistara

වාහන ආනයනය ලබන වසරේ සිට ක්‍රමානූකූලව ලිහිල් කිරීමට බලාපොරොත්තු වෙනවා - ශෙහාන් සේමසිංහ

wedivistara

දන්සැල් සඳහා ලංකා සතොසෙන් විශේෂ වට්ටම්

wedivistara

මංගල සාදයට ගිය කැබ් රථයක් අනතුරක – කාන්තාවක් මරුට – 9කට තුවාල

Trending
wedivistara

WhatsApp Group හරහා සිදුවන මුදල් වංචාවලින් ප්‍රවේශම් වන ලෙස දැනුම්දීමක්

wedivistara

අමෙ­රි­කානු සහ­කාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ ළඟ­දීම මෙර­ටට

wedivistara

විදුලිබල පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය ආරම්භ වෙයි

wedivistara

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

wedivistara

ජපාන, දකුණු අප්‍රිකා, ස්විට්සර්ලන්ත තානාපතිවරු හා ජාතික ජන බලවේගය අතර හමුවක්

wedivistara

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද වැසි


NEWS ALERT