Local

දැනට පැතිරෙන ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වය JN.1 නව කොරෝනා උප ප්‍රභේදය විය හැකියි - මහාචාර්ය චන්දිම ජීවන්දර

Friday, 22 December 2023 - 9:57 pm

කොවිඩ් ඔමික්‍රෝන් ප්‍ර‍භේදයේ උප ප්‍රභේදයක් වන JN.1 නව කොරෝනා වෛරස් ප්‍රභේදය දැනටමත් මෙරට තුළ පැතිරමින් ඇති බවට සැක පහළ කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.

නමුත් ලංකාව තුල කොවිඩ් පරීක්ෂණ සිදුකිරීම ඉතාමත් අවම මට්ටමක පැවතීම හේතුවෙන් මේ මොහොතේ JN.1 හි ව්‍යාප්තිය පිළිබඳව තත්ත්වය සම්බන්ධයෙන් විද්‍යාත්මකව ප්‍රකාශ කළ නොහැකි බවයි සිය නිල එක්ස් (X) ගිණුමට සටහනක් එක් කරමින් ඔහු පවසා සිටින්නේ.

දැනටමත් ශ්‍රී ලංකාව තුල ILI ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ වැඩි වීමක් නිරීක්ෂණය වන අතර එය JN.1 ‍වීමේ හැකියාවක් ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

කොරෝනා ප්‍රතිශක්තිකර​ණ එන්නත් තවමත් බලාත්මක බවත්, කෙසේ වුවත් දුර්වල ප්‍රතිශක්තියක් සහිත අයට බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබාගැනීමට අවශ්‍ය විය හැකි බවත්, සමස්තයක් ලෙස අවදානම් තත්ත්වයේ පසුවන අයට මුඛ ආවරණ පැළඳීම ආරම්භ කිරීමට සුදුසු බවත් මහාචාර්යවරයා සඳහන් කර සිටිනවා.

JN.1 හි රෝග ලක්ෂණ වන්නේ උණ, කැස්ස, සුවඳ නැතිවීම සහ රසය නැතිවීම, දිගටම පවතින අධික උණ, හුස්ම ගැනීමේ අපහසුතා, තෙහෙට්ටුව, ආහාර ගැනීමට නොහැකි වීම සහ වමනය යෑමේ ප්‍රවණතාවය ආදිය ඇත්නම් වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙස ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT