මත්ද්‍රව්‍ය සඳහා අබ්බැහි වූවන් ඉන් මුදාගැනීමේ අරමුණින් ස්වේච්ඡාවෙන් ප්‍රතිකාර ගැනීමට හා පුනරුත්ථාපනය වීමට මඟපෙන්වීමට දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක 1927 ක්ෂණික දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ.
විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වළක්වාලීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බළකායේ සභාපති සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ක්ෂණික දුරකතන අංකය දැනුම් දීමේ විශේෂ මාධ්‍ය හමුවක් ඊයේ (26) කොළඹ 1, ලයිට් හවුස් ගැලරිහිදි පැවැත්වුණු අවස්ථාවේදී මේ බව අනාවරණය කෙරිණි. මේ දුරකතන අංකය සහිත කෙටි වැකි විද්යුත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වන බවද සභාපතිවරයා කීය.