Local

විජයමුණි - වඩිවේල් සහ විමලවීර රනිල් දිනනවාට කැමැත්තෙන්

Sunday, 11 August 2024 - 10:23 am

සමගි ජන බලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කය සඳහා තරග කළ, හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බව බිබිල නගරයේ පැවති ජන හමුවකදී ප්‍රකාශ කළේය.

එමෙන්ම හැටන් ප්‍රදේශයේ පැවති ජන රැළියකදී ලංකා ජාතික එක්සත් පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා ද ප්‍රකාශ කළේ ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බවය. 

මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරනවා දැකීම තම පුද්ගලික සතුට බව පාර්ලිමේන්තු මන්ත්‍රි විමලවීර දිසානායක මහතා පැවසීය.

මන්ත්‍රීවරයා ඒ බව පැවසුවේ පොදුජන පෙරමුණෙ පළාත් පාලන නියෝජිතයින් සමග අම්පාරේ පැවති සාකච්ඡාවකදීය.

එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේ මෙවර ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණට ජයග්‍රහණය කිරීමට නොහැකි බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි විමලවීර දිසානායක මහතා,

'මම හද පතුළෙන් සතුටුයි රනිල් වික්‍රමසිංහ මහතා දිනනවාට...පොහොට්ටුවට දින්න බැරි නිසා. පුද්ගලික පැත්තෙන් ගත්තාම. පොදු පැත්තෙන් ගත්තාමත් මේ ආර්ථික රිද්මය හදලා තියෙන්නේ එයාගේ ශෛලියට. හරි හරි වැරදි හරි මේ අභියෝගාත්මක මොහොතේ මේ රට පවතගෙන යන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික හා දර්ශනය මත. එතකොට මේ කොච්චිය දුවන්නේ ඒ පීල්ලේ. මේ පීල්ල මාරු කළොත් කෝච්චය පෙරළෙනවා. ඒක සජිත් ඇවිල් මාරුකරත් එහෙමයි. අනුර ඇවිල්ල මාරු කරත් එහෙමයි.'


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT