Local

කජිමාවත්ත පදිංචි, නිවාස අහිමි සියලු පවුල් සඳහා කඩිනමින් නිවාස ලබාදීමට ජනපතිගෙන් උපදෙස්

Thursday, 07 March 2024 - 4:12 pm

කොළඹ කජිමාවත්තේ පදිංචි, නිවාස අහිමි සියලු පවුල් සඳහා කඩිනමින් නිවාස ලබාදීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

නිවාස ලබාදීමේ රජයේ ප්‍රතිපත්ති හා නිර්ණායකයන්ට අනුකූලව එම කටයුතු සිදු කරන ලෙසද ජනාධිපතිවරයා දැනුම් දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම උපදෙස් ලබා දුන්නේ කොළඹ කජීමා වත්ත නිවාස ගැටලුව පිළිබඳ (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක්වෙමිනි.

කොළඹ නාගරික බල ප්‍රදේශය තුළ පවතින ඌන උපයෝජිත රජය සතු ගොඩනැගිලි සහ ඉඩම් පිළිබඳව සොයා බලා එම ඉඩම් වාණිජ කටයුතු සඳහා සංවර්ධනය කර ලබාදීමට ඇති හැකියාව සොයා බලන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

එම වැඩපිළිවෙළ රාජ්‍ය අංශයේ මැදිහත්වීමෙන් පෞද්ගලික ආයෝජන මගින් ක්‍රියාවට නැංවීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම කොළඹ නගර සීමාව ආශ්‍රිතව දැනට ක්‍රියාත්මක වන රජයේ නිවාස ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසා බැලූ ජනාධිපතිවරයා රජය මගින් තවදුරටත් නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පැහැදිළි කළ අතර පවතින ආර්ථික තත්ත්වය හමුවේ එය දුෂ්කර වුවද ඒ සඳහා සුදුසු ක්‍රමවේදයක් සකස් කළ යුතු බවද වැඩිදුරටත් සඳහන් කළේය.

හිටපු අමාත්‍ය රවී කරුණානායක ද, නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද, කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ.ජී. විජේසිරි, කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානී ජයවර්ධන යන මහත්ම මහත්මීහු ඇතුළු අදාළ ආයතනවල නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT