Local

චීන-ශ්‍රී ලංකා සංස්කෘතික හුවමාරු වැඩසටහන් සහ ආයෝජන වරම් නැංවීමට චීන දූත පිරිසක් මෙරටට

Saturday, 27 January 2024 - 8:56 am

චීනයේ වූහාන්, ෆුජියෑන්, ෂියාමන් සහ අංහුයි පළාත් නියෝජනය කරමින් දූත පිරිසක් සහ බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක මහතා අතර හමුවක් පසුගියදා (24) බුද්ධශාසන අමාත්‍යංශ පරිශ්‍රයේදී පැවැත්විණි.
චීනය හා ශ්‍රී ලංකාව අතර සංස්කෘතික හුවමාරු වැඩසටහන් සහ ආයෝජන අවස්ථා වැඩි දියුණු කිරීම මේ හමුවේ ප්‍රධාන වශයෙන් සාකච්ඡා කෙරිණි.
එහිදී මෙරට චීන සංස්කෘතික මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමටත්, චීනය හා මෙරට අතර බෞද්ධ සංචාරක ව්‍යාපෘතියක් ආරම්භ කිරීමටත්, ව්‍යාපාරික ආයෝජන ව්‍යාපෘති ආරම්භ කිරීමටත් බලාපොරොත්තු වන බව දූත පිරිස ඇමැතිවරයා සමඟ ප්‍රකාශ කළහ.
ශ්‍රී ලංකාව මේ වන විට පත්වී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම සඳහා ආයෝජන අවස්ථා ඇති කිරීම ද මෙහි මූලික අරමුණක් බව චීන දූත පිරිස එහිදී වැඩිදුරටත් පැවසූහ.
මේ සියලුම වැඩසටහන් සඳහා අවශ්‍ය සහයෝගය බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මඟින් ලබා දීමට බලාපොරොත්තු වන බව ඇමැති විදුර වික්‍රමනායක මහතා එහිදී සඳහන් කළේය.
එමෙන්ම මේ චීන දූත පිරිස මේ වන විට මෙරට භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය බෙහෙත් ලබා ගැනීමට ආධාර වැඩසටහනකට ද සම්බන්ධ වී කටයුතු කරමින් සිටින බව වැඩිදුරටත් සඳහන් කළහ.
අත්තනගල්ල රජමහා විහාරයේ විහාරාධිකාරී වජිරඤාණ හිමි, චීනයේ ප්‍රධාන විහාරස්ථාන දෙකක භික්‍ෂුණීන් වහන්සේලා දෙනමක්, චීන සංස්කෘතික ආයතනවල නියෝජිතයෝ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT