Local

දේශපාලනික වශයෙන් මර්දනය කරලා තමන්ගේ දේශපාලනය කිරීමට උත්සාහ කරනවා නම් එය ඔවුන්ගේ බංකොළොත්භාවය - නාමල්

Wednesday, 22 January 2025 - 8:50 pm

ආණ්ඩු​ව ජනවරමක් ලබාදුන් මුවාවෙන් බය කරගනිමින් තර්ජනාත්මකව තමන්ගේ දේශපාලන භූමිකාව හැසිරවීමට උත්සාහ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

දේශපාලනික වශයෙන් මර්දනය කර බය කර තමන්ගේ දේශපාලනය කිරීමට උත්සාහ කරනවා නම් එය ඔවුන්ගේ දේශපාලන බංකොළොත්භාවය බවයි අද (22) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

හිටපු ජනාධිපතිවරයා නිවසින් ඉවත්වීමට අවශ්‍ය නම් කැබිනට් අනුමැතියක් ලබාගෙන ලිඛිතව දැන්විය හැකි බවත් ආණ්ඩුව නීතිය අතට ගෙන කටයුතු කිරිමට සූදානම් වන්නේ නම් එය එතරම් සුදුසු නොවන බවද ඔහු සඳහන් කළා.

ඉදිරියේදී කිහිපදෙනෙකු ඇතුළට දමන බවට ප්‍රකාශ කරන්නේ දේශපාලනය නොකරන ලෙස තර්ජනය කිරිමක් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කළේ. 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT