Local

රනිල්ට උදව් කරන්නැයි රොෂාන්ට අමතා ගෝටාභය කියයි..

Monday, 16 September 2024 - 11:50 am

රනිල් වික්‍රමසිංහට සහය ලබාදෙන්නැයි තමන්ට පුද්ගලිකවම කතාකොට සඳහන් කරන ලද්දේ ගෝඨාභය රාජපක්ෂ විසින් බව හිටපු මහවැලි සහ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.

තමන් ක්‍රිකට් ආයතනයේ දුෂණ වලට එරෙහිව සටන් වදින අවස්ථාවේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජනාධිපති උපදේශක සාගල රත්නායක විසින් දුෂිතයින් ආරක්ෂා කරමින් ඔවුන් සමඟ එක්ව තමන්ට එරෙහිව කටයුතු කල බවද ඔහු සඳහන් කර තිබෙන්නේ යූ ටියුබ් සංවාදයකට එක්වෙමින්.

රනිල් වික්‍රමසිංහ මහතා එක් අවස්ථාවක මහනුවර ප්‍රදේශයේ මහවැලි ගඟ මධ්‍යයේ ඇති දුපතක් ඔහුගේ හිතවතෙකුට ලබාදෙන ලෙස තමන්ට බලපෑමක් සිදුකල බවද ඔහු මෙහිදී සදහන් කර තිබෙනවා.

රාජපක්ෂ කඳවුර තමන්ට බිය වී කටයුතු කළ බවත් පවුල් දේශපාලනය තුළ ඔවුන් ඉතා අශෝභන ලෙස කටයුතු කල බවත් පාර්ලිමේන්තුවේ සිටින බහුතරයක් වූ දුෂිතයින් සමඟ දේශපාලනය කිරීමට තමන් සූදානම් නොමැති බැවින් තමන් මෙවර ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ක්‍රිකට් පිත්ත ලකුණින් ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ බවත් ඔහු මෙම සාකච්ඡාවේදී හෙළිකර තිබෙනවා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT