Local

දක්ෂිණ අධිවේගයේ පරණ බිලකින් කෝටි 750ක් වංචා කරන්න හදනවා... වසන්ත සමරසිංහ

Monday, 02 September 2024 - 9:09 am

එක්තරා අපේක්ෂකයකුගේ මැතිවරණ ව්‍යාපාරයට වියදම් කිරීමට මුදල් සෙවීමට වර්ෂ 2011 වර්ෂයේදී දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී මාර්ග සංවර්ධන අධිකාරිය මගින් අනුමත නොකළ පැරණි බිලක් සොයාගෙන, එයට අමාත්‍ය මණ්ඩලයේ සහ නීතිපතිවරයාගේ අනුමැතිය ලබාගෙන රුපියල් කෝටි හත්සිය පනහක මුදලක් චයිනා හාබර් සමාගම වෙත ගෙවීමට ආණ්ඩුව කටයුතු කරගෙන යන බව ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ මහතා පැවසීය.

ඒ පිළිබඳව තොරතුරු තමන් මාර්ග සංවර්ධන අධිකාරිය හරහා ලබාගත් බවත්, නීතිඥවරුන් සමග සාකච්ඡා කොට අදාළ නීතිවිරෝධී ගෙවීම අධිකරණ ක්‍රියාමාර්ගයක් මගින් මේ සතිය තුළ නතර කිරීමට පියවර ගන්නා බවත් ඒ මහතා සඳහන් කළේය.

අනුරාධපුර නගරයේ පැවැති ජනහමුවකින් පසු මාධ්‍යවේදීන් අමතා හෙතෙම මේ බව පැවසීය.


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT