Local

උඩරට නැටුම් කලාව ආරක්ෂා කිරීමට ජනපතිගෙන් කමිටුවක්

Tuesday, 09 April 2024 - 8:44 pm

උඩරට නැටුම් කලාව ආරක්ෂා කර ගනිමින් ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සෞන්දර්ය විශ්වවිද්‍යාලය ඇතුළු අදාළ ආයතන නියෝජනය වන අයුරින් පත් කරනු ලබන මෙම කමිටුවට මහනුවර සාම්ප්‍රදායික නර්තන ශිල්පීන්ගේ නියෝජිතයෙකුද ඇතුළත් කර ගැනීමට උපදෙස් ලබා දෙන බව පැවසූ ජනාධිපතිවරයා, උඩ රට කලා මධ්‍යස්ථානයක් ද ස්ථාපිත කිරීමට ඒ යටතේ කටයුතු කරන බව සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී(07) පෙරවරුවේ මහනුවර සාම්ප්‍රදායික නර්තන ශිල්පීන් හමුවූ අවස්ථාවේදීය.

මහනුවර සාම්ප්‍රදායික නර්තන ශිල්පීන්ට විශ්‍රාම වැටුපක් ලබාදීම සම්බන්ධයෙන් සොයා බලන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාරට මෙහිදී උපදෙස් දුන්නේය.

උඩරට නැටුම් කලාව දේශීය මෙන්ම විදේශිය වශයෙන් ප්‍රචලිතව තිබුණද පාරම්පරික සම්ප්‍රදායන් අනුගමනය නොකිරීමේ ගැටළුව පිළිබඳව ද අවධානය යොමු කළ ජනාධිපතිවරයා නව කමිටුව මගින් ඒ පිළිබඳ සොයා බලා සුදුසු ක්‍රමවේදයක් සකස් කිරිමට උපදෙස් ලබා දෙන බවද පැවසීය.

ක්ෂේත්‍රයේ කටයුතු කිරීමේ දී මුහුණ දීමට සිදුව ඇති ගැටළු කිහිපයක් පිළිබඳව මෙහිදී මහනුවර සාම්ප්‍රදායීක නර්තන ශිල්පීන් ජනාධිපතිවරයාව දැනුවත් කළ අතර එම ගැටළු පිළිබඳ සොයා බලා ඔවුන්ට අවශ්‍ය සහාය ලබාදීමට මැදිහත්ව කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

එසේම සබරගමුව නැටුම් කලාව වැනි මෙරට සම්ප්‍රදායික කලා ශිල්ප ආරක්ෂා කර ගනිමින් ඉදිරියට පවත්වාගෙන යාමේ වැදගත්කම ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

රටේ ආර්ථිකය නගා සිටුවමින් සියලු ජනතාවට යහපත් රටක් ගොඩනගා දීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන යන වැඩපිළිවෙළට මෙහිදී මහනුවර සම්ප්‍රදායික නර්තන ශිල්පීන් සිය ප්‍රශංසාව පළ කළහ.

අමාත්‍ය මනූෂ නානායක්කාර, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර, මෙම අවස්ථාවට එක්ව සිටියහ.


Top Stories
wedivistara

ලංකාවේ අලුත් රජය එක්ක සාකච්ඡාවකට එන අමෙරිකාවේ ලොක්කා

wedivistara

රාමනාදන් අර්චුනා අදත් පාර්ලිමේන්තුව කළඹයි.. ගුටි කෙලියක්..

wedivistara

රථවාහන නිරීක්ෂණයට ඩ්‍රෝන කැමරා…

wedivistara

මහ මෝලුන් ඉවරයි.. ආනයන බලපත්‍ර නැතිව සහල් ආනයනයට අවසර..

wedivistara

තෙල් අඩු කරන්න බැරි නම් කෙලින් ඇත්ත කියන්න.. තවත් බොරු කියන්න එපා…

wedivistara

රජයේ සියළු සැප වාහන ඉවත් කරන්න කැබිනට් තීන්දුවක්..

Trending
wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT