Local

තරුණ දරුවන්ගේ අපේක්ෂාව බිල්ලට ගනිමින් ඔවුන් යොදාගන්නා දේශපාලන ව්‍යාපාර නිසා උපාධිධාරීන් පවා අපහසුතාවයකට පත්වෙලා - මධ්‍යම

Wednesday, 26 June 2024 - 11:43 am

  • සංගම් පිහිටවීම  වර්තමානයේදි විහිළුවක් වෙලා

  • රැකියා විරහිත උපාධිධාරි සංගමය, රැකියා විරහිත විභාගය අසමත් උපාධිධාරි සංගමය,  රැකියාවිරහිත විභාගය සමත් සම්මුඛ පරීක්ෂණය සදහා අවස්ථා නොලද උපාධිධාරි සංගමය,  රැකියාවිරහිත විභාගය සමත් සම්මුඛ පරීක්ෂණය සදහා අවස්ථා ලද ඉන් තෝරා නොගත් උපාධිධධාරි සංගමය වගේ සංගම් රැසක් පිහිටවලා 

මධ්‍යම පළාත් සභාව යටතේ පාලනය වන පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරී ගුරු භවතුන් බඳවා ගැනීම 2023 (II අදියර) යටතේ පත්විම් ලබා දිමේ උත්සවය  මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු .ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේදී (19දා ) සිදු කෙරුණි.
මධ්‍යම පළාත් ගුරු සේවයට  බඳවා ගැනීම 2023 (II අදියර) යටතේ නව ගුරුවරුන් 378  ක් බදවාගනිමින් ඔවුන් සදහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම  මෙහිදි සිදු විය. පළාතේ අධ්‍යාපනය නගා සිටිවිමටත් ගුරු හිගය මගහරවා ගනිමින් සිසු දරුවන්ට කිසිදු බාධාවකින් තොරව අධ්‍යාපනය ලැබිමේ වටපිටාවක් නිර්මාණය කිරිම අපේ අරමුණ වන අතර මනුෂ්‍ය වර්ගයාගේ රඳා පැවැත්ම සඳහා වූ මඟ නොමඟ පසක් කරන මාර්ගෝපදේශකයා වන ගුරුවරයා කරනුයේ සමාජ සේවයක් මිස වෘත්තියකට එය ලඝු නොකල යුතුබවත් එවන් තත්වයක් තුල පමණක් පාසල් අධ්‍යාපනය වඩා ගුණාත්මක කිරීමට හැකියාව සැලසෙන බවත්  මුදල් ලබාගනිමින් සිය පන්තියේ දරුවන්ට මුදලට උපකාරක පන්ති පැවැත්විම අප පළාත් සභාවක් ලෙස පියවර ගැනීමට සිදුවිම කනගාටු දායක තත්වයක් බවද ආණ්ඩුකාරවරයා පැවසිය.
මෙම උත්සව සභාව ඇමතු මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා තවදුරටත කියා සිටියේ “වර්තමානයේදි රට ආර්ථික අතින් යහපත් තත්වයකට එමින්ව පවතින බවත් වත්මන් ජනාධිපතිවරයා පිච් එක හදමින් පවතින බවත් එදා පිච්එක බාර ගන්න කියනකොට පැනලා ගිය ඇතැම් ය අද පිච්එකේ සෙල්ලම් කරන්න පොරකමින් සිටින බවත් ජනතාව මේ තත්වය තේරුම් ගත යුතු බවත් ප්‍රකාශ කොට සිටියේය. තවදුරටත් අදහස් දක්වමින් අපි සියලු දෙනා නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත් අය ලෙසින් අපෙන් රටට විය යුතු දේ ගැන අවධානය යොමු කල යුතු වුවත් අයිතාවාසිකම් ගැන පමණක්  කතා කරමින් සිටීමෙන් රටට හෝ සමාජයට කිසිදු යහපතක් නොවන බවත් තමන්ගෙන්  රටට විය යුතු යුතුකම් නිසි ලෙස ඉටු කිරිමට අදිටන් කර ගත යුතු බව  සදහන් කොට සිටියේය.  
මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් සභාපති ඇල්.ඩි නිමලසිරි, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ සම්බන්ධීකරණ ලේකම් වරයා ඇතුලු දේශපාලන අධිකාරිය , පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ලේකම් මේනක හේරත් , පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් ද එක් වුහ.


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT