පොලිස් නිලධාරීන් සිවිල් ඇඳුමින් රාජකාරි සිදුකරන අවස්ථාවල දී පරීක්ෂා කිරීම් සඳහා රථවාහන නැවැත්වීට කටයුතු නොකරන ලෙස නව උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් අදාළ උපදෙස් මාලාව නිකුත් කර ඇති බව සඳහන්.
එය ඊයේ (19) දිනය වන විට සියලුම පොලිස් ස්ථානවලට යොමු කර තිබෙනවා.
පසුගිය 18 වනදා නාරම්මල ප්රදේශයේ දී පොලිස් නිලධාරියෙකු සිදු කළ වෙඩි තැබීමකින් රියදුරෙකු මිය යාමේ සිද්ධියත් සමඟ මෙම නව උපදෙස් මාලාව වැඩබලන පොලිස්පතිවරයා විසින් නිකුත් කර තිබෙනවා