Local

ශිරන්ති රාජපක්ෂගේ ‘සිරිලිය සවිය’ ගිණුම ගැන අනාවරණයක්

Saturday, 21 June 2025 - 6:30 pm

රාජපක්ෂ පවුලේ කිහිප දෙනෙකු සම්බන්ධ විමර්ශනය වෙමින් පවතින දුෂණ කිහිපයක් පිළිබඳව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල ඊයේ (20) පාර්ලිමේන්තුවේදී පැවසීය.

 

දූෂණ විරෝධී කමිටු කාර්යාලයෙන් කරන ලද පරීක්ෂණ සහ විමර්ශන අනුව CSN නාලිකාවෙන් රුපියල් මිලියන 152ක්, ගෝඨාභය රාජපක්ෂ තම මවගේ සහ පියාගේ සොහොන සැදීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියෙන් ගත් මුදල් වලට අදාළව රුපියල් මිලියන 35ක්, බැසිල් රාජපක්ෂ විසින් මල්වාන ප්‍රදේශයේ නිවසක් ගැනීම සම්බන්ධ සිද්ධියෙන් මහා භාණ්ඩාගාරයට අත්කරගත් මුදල මිලියන 208ක් බව ඔහු සඳහන් කර ඇත.

තවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ විසින් “සිරිලිය සවිය” නමින් ව්‍යාජ ගිණුමක් පවත්වාගෙන යමින් සිදු කළ දේවල් සම්බන්ධවද සුනිල් වටගල පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලේය.

“හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ භාර්යාව ශිරන්ති රාජපක්ෂ විසින් සිරිලිය සවිය නමින් ව්‍යාජ ගිණුමක් පවත්වාගෙන ගියා. මෙම ගිණුම ව්‍යාජ ගිණුමක් බව සනාථ වී ඇත. ගිණුමේ මැන්ඩේට් පත්‍රය බැංකුවෙන් අස්ථානගත කරලා.

කොළඹ 10 ඩාලි පාරේ මහජන බැංකුව සුදුවැල්ල ශාඛාවේ “සිරිලිය සවිය” නමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින්, නිත්‍යනුකුලව ඉදිරිපත් කල යුතු ලේඛණ ඉදිරිපත් නොකර 2006.11 14 දිනැතිව, අංක 143-001-4-6235069 දරන ගිණුම ආරම්භ කොට ඇත.
දැනට මෙම ගිණුමේ ගනුදෙනු අත්හිටුවා ඇති අතර මේ වන විට ගිණුමේ ශේෂය රුපියල් මිලියන 43 කි. මෙම ගිණුමේ සභාපති ලෙස ශිරන්ති රාජපක්ෂ, ලේකම් සීතා කල්‍යාණි දිසානායක, භාණ්ඩාගාරික නිරෝෂා ජීවනී යන අයවලුන්ය.

 

දැනට මෙම ගිණුමට අවස්ථා 88කදී රුපියල් අට කෝටි විසිනව ලක්ෂ අසූ අටක් තැන්පත් කර ඇති අතර, ආපසු ගැනීමේ අවස්ථා 129කදී රුපියල් තුන් කෝටි අනූ ලක්ෂ පහළොස්දාස් හයසිය පනස් හයක මුදලක් ලබාගෙන ඇත. ලක්ෂ සීයක ස්ථාවර තැන්පතුවක්ද මෙම බැංකුවේ “සිරිලිය” නමින් ආරම්භ කර ඇත. මෙම ගිණුම සම්බන්ධයෙන් විමර්ශන, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිදු කරනවා. අවාසනාවකට දැනට නීතිපති කාර්යාලයේ මේක බහා තබලා තියෙන්නේ.”

කෙසේ නමුත් ජාතික ජනබලවේගය ආණ්ඩුව විසින් මෙම විමර්ශන නැවත ආරම්භ කරන බවද එහිදී සුනිල් වටගල පැවසීය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT